මීට පෙර වාර්තා වූ පරිදිම නොවැම්බරයේදී මලයාලම් සිනමාවේ දැවැන්තයින් වන මම්මුටි සහ මොහාන් ලාල් රංගනයෙන් දායක වන අලුත්ම මලයාලම් චිත්‍රපටයක් ශ්‍රී ලංකාවේ රූගත කිරීමට නියමිත බවට වූ ප්‍රවෘත්තිය සත්‍ය වී තිබේ.
වසර 20කින් අනතුරුව එළඹෙන මම්මුටි සහ මොහාන් ලාල් එක්ව කරන රඟපෑම් සහිත මෙම චිත්‍රපටය මසක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ, කේරළයේ සහ ලන්ඩන්හිදී රූගත කිරීම් සිදු කිරීමට නියමිතය.
මම්මුටි යොදාගෙන බොක්ස් ඔෆීස් වාර්තා තැබීමට වඩා ඔහු වෙනුවෙන් චරිතයක් ලියන ආකාරය ගැන අවධානය දෙන බව චිත්‍රපටයේ අධ්යක්ෂවරයා වන නාරායනන් මහේශ් මීට පෙරද පැවසීය. පසුගිය සැප්තැම්බර් මසදී චිත්‍රපටයේ නිර්මාණකරුවන් දෙදෙනෙකු හිටපු අගමැති දිනේශ් ගුණවර්ධන හමු වීද චිත්‍රපටය පිළිබඳව සාකච්ඡා කර තිබිණි.
මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ විශාලතම ව්‍යාපෘතියක් ලෙස අලුත් චිත්‍රපටය සලකන අතර එහි පළමු පෙළ රූගත කිරීම් ශ්‍රී ලංකාවේ සිදු කෙරේ.