lan englan tam

පුවත්

අවුරුදු 73ක් සැපිරූ බොලිවුඩයේ රංගවේදිනිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සීනත් අමාන් බොලිවුඩයේ අතීතය වර්ණවත් කළ, මෑත කාලයේදීද නවක රංගන ශිල්පීන්ට හා ශිල්පිනියන්ට ආදරයෙන් ආශිර්වාද කරන ස්වාධීන මත දරණ නිළියක් වන්නීය. ඇය ඊයේ (19) දින සිය 73 වැනි උපන්දිනය සැමරුවාය.

බොලිවුඩයට පහළ වූ රූපය, ජනප්‍රියකම, දක්ෂතාව යන සියලු ගුණාංගයන් එක්වර පිහිටි නිළියක් හැටියට සීනත් හැඳින්විය හැකිය. සත්‍යම් ශිවම් සුන්දරම් චිත්‍රපටය ඔස්සේ රසික සිත් ඇඳ බැඳ තබාගත් ඈ ගැන මතකය බොලිවුඩය ගැන දන්නා අයකුට කිසිසේත්ම අමතක විය නොහැකිය.
වර්තමානයේ තරුණ නිළියන් හා කාන්තාවන් සම්බන්ධයෙන් ඇය බොහෝ විට දිරිගන්වන කාරණාව වන්නේ කාන්තාවන් මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමේ වැදගත්කම පිළිබඳවය.
සීනත් රඟපෑ ඩොන්, ධරම් වීර්, කුර්බානි සහ සත්‍යම් ශිවම් සුන්දරම් චිත්‍රපට සමඟ සීනත් සිනමාවේ නොමැකෙන කීර්තිමත් සලකුණක් වන්නීය. සීනත් අමාන් කාන්තාවන් සවිබල ගැන්වීමේ සංකේතයක් ලෙස බොහෝ විට පෙනී සිටීම ආරම්භ කළේ පවා එය එතරම් ඉන්දීය සමාජයේ සාමාන්‍ය දෙයක් නොවූ කාලයකදීය. ඇය එසේ කළේ තවත් කාන්තාවන්ටද ආදර්ශ සපයමිනි.
කාන්තාවකගේ 'තම තැනැත්තා' තමන්ම විය යුතු බව අවධාරණය කරමින් මූල්‍ය ස්වාධීනත්වය කාන්තාවන්ට බොහෝ නිදහස සහ විමුක්තිය ලබා දෙන බවත් එය සැබවින්ම එම කාරණාවල ලකුණක් බව තමන් විශ්වාස කරන බවත් සීනත්ගේ අදහස වේ.
"ඔබේ මූල්‍ය නිදහස පිළිබඳව මිනිසෙකු කවදා හෝ බියට පත් වුවහොත් ඔහුට ඔබේ දොර පෙන්වන්න. මම තරුණියන්ට දෙන එක් උපදෙසක් නම් ඔබ මූල්‍යමය වශයෙන් ස්වාධීන වී තමන් වෙනුවෙන් ආයෝජනය කරන්න. එවිට ආලය සහ සබඳතා ස්වභාවික තේරීමක් බවට පත් වේවි. නැවත සම්බන්ධතාවයකට එළඹෙන්නේ නම් ඒ ඔබට අවශ්‍ය යැයි ඔබ සිතන නිසා. ඔබ එය කරන්නේ ඔබේම නියමයන් සහ කොන්දේසි මතයි. මම හිතන්නේ දෙමාපියන් තම පුතුන්ව කාන්තාවන්ට ගරු කරන ආකාරයට ස්වයං පාලනයක් සහිත ආකාරයට ඇති දැඩි කිරීම ඉතා වැදගත්. දෙමාපියන් දරුවන් ඇති දැඩි කරන ආකාරයයි සියල්ල වෙනස් කරන්නේ."
73 වැනි වියද ඉක්මවා මෙසේ තරුණියක මෙන් කාන්තාවන් දිරිගන්වන සීනත් අමාන් තවමත් නීරෝගී සම්පන්නව වෙසෙමින්ද සිය අතීතයට දයාවන්ත වෙමින්ද කටයුතු කරන්නීය.

ශිවන්ති ප්‍රනාන්දු

Back to top
Go to bottom