lan englan tam

පුවත්

ඊස්ට්‍රජන් ඇවිස්සෙන ටෙස්ටෝස්ටෙරෝන් තිගැස්සෙන නාට්‍යය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඊස්ට්රජන් සහ ටෙස්ටෝස්ටෙරෝන් අතර ගනුදෙනුව තමයි මේ ලෝකෙ තියන නාට්යෝචිත බවින් වැඩිම ගනුදෙනුව. ඉතින් ටෙලිඩ්රාමා එකක් කරන්න මීට වඩා හොඳ තේමාවක් තවත් නෑ.


මේ ගනුදෙනුව සීරියස් පැත්තෙන් ඇල්ලුවොත් Supun Rathnayakaගේ Human Errors, Anushka Rasanjana De Silvaගේ Take Care ( ටේක් කෙයා ) වගේ නාට්යෝචිත අවස්ථා හදාගන්න පුළුවන්.

ඔය ගනුදෙනුව, හිරිමල් යෞවනයේ විසේකාර නාඩියෙන් ඇල්ලුවොත් දෙවෙනි ඉනිම සීසන් වන් එකේ මුල් කොටස් වගේ ආතල් බේරෙන නාට්යෝචිත අවස්ථා හදාගන්න පුළුවන්. වැඩිහිටියන්ගේ ප්රේම කතාවලින් හෙම්බත් වෙලා තිබුන ටෙලිනාට්ය කලාව තරුණ කරන්න සහ වෙනස් කරන්න Saranga MendisSaman EdirimuneeLaksiri Wickramage ඇතුළු පිරිසට දෙවෙනි ඉනිමත් එක්ක පුළුවන් වුණා.

සිනමාව පැත්තට ආවොත්, Upul Sannasgala ගේ නවකතාවක් ඇසුරෙන් Senesh Dissanaike Bandara අධ්යක්ෂණය කරපු 'ආදරණීය වස්සානය', Udayakantha Warnasuriya අධ්යක්ෂණය කරපු 'හිරිපොද වැස්ස' සහ Channa Perera අධ්යක්ෂණය කරපු 'අංජලිකා' කියන නිර්මාණ ත්රිත්වය 2000 න් පස්සෙ කලාව තරුණ කළා.

කලාව තරුණ කරපු මේ නිර්මාණ අතරට දැන් තවත් අලුත් ටෙලිඩ්රාමා එකක් එකතු වෙමින් තියනවා. ප්රේමය, කොල්ලො කෙල්ලො අතර ආකර්ෂණය, පාසල් ජීවිතය, ජීවන අරගල, තරුණ වයසේ ආතල්, ගුරුවරු, විභාග, හීන, අභියෝග, හැඟීම්, අංකුටුකම්, දඟකාරකම්, මෝඩකම්, රණ්ඩු ඇතුළු තරුණ හිත් හිරිවට්ටන, තුන-පහ පදමට තියන පැණි බේරෙන මේ සුපිරි ටෙලිඩ්රාමා එක තමයි "හිරිපොද වැස්ස"

මම ගියේ mix school එකකට, A/L class ගියේ නුගේගොඩ රොටරි සහ සක්යා එකට. මේ තැන් තුනේ වෙච්ච දේවල්, අහන්න දකින්න ලැබුන දේවල්, වින්ද දේවල් ආයෙත් මට මතක් කෙරෙව්වෙ මේ හිරිපොද වැස්ස ඩ්රාමා එක.

හිරිපොද වැස්ස ස්ක්රිප්ට් එක ඇතුලෙ හරිම ලස්සන ultra pro max ෆැන්ටසි රසයක් සහ සාම්ප්රදායික මෙගා ඩ්රාමාවල නැති හිරිමල් රිද්මයක් තියනවා.

සතියේ දින පුරා විකාශය වෙන සමහර ටෙලිඩ්රාමාවල සමහර කොටස් ගත්තොත් ඒ කොටස්වල වෙච්ච දෙයක් නෑ. ඒත් හිරිපොද වැස්සෙ මේ වෙනකම් ගිය හැම කොටසකම මොකක් හරි තීරණාත්මක නාට්යෝචිත සිද්ධියක් වුනා. අන්න ඒ රිදම් එක දිගටම අරගෙන ගියොත් හිරිපොද වැස්සට පුළුවන් දිගටම අපේ හදවතේ ක්ෂීරපථයට එන්ටර් වෙලා ඉන්න.

හිරිපොද වැස්සෙ බහුතරයක් ඉන්නෙ නැගීගෙන එන තරුණ නළු නිළියන්. දැන් යන ටෙලිඩ්රාමා අතරින් ආකර්ෂණනීයම නවක කාස්ට් එක ඉන්නෙ හිරිපොද වැස්සෙ කියලා තමයි මට හිතෙන්නෙ.

Lavan Abhishek (Lavan) ගේ තරු ගුණය සහ ඔහුගේ නැගීගෙන එන හැකියාව හිරිපොද වැස්සෙ අභීගේ චරිතය ඇතුලේ උපරිමයටම ප්රයෝජනයට ගනිමින් ඉන්නවා. තමන් කරන චරිතයේ "කැරැක්ට ප්රොෆයිල් ප්ලේ" එක ගැන තව පොඩ්ඩක් අවධානය දෙන්න ලවන්ට පුළුවන් නම් වැඩේ තවත් ගොඩ. ලවන් කියන්නෙ අනාගත සුපිරි තරුවක්.

අභීගේ මිතුරන් විදිහට act කරන Thishakya Kumarathunga සහ Ramindu Benaragama උපරිම ෆැන්ටසි ආතල් සහිතව කණේ වැලි ගෑවෙන්න act කරනවා. සඳ බොඳ කරගෙන ඕඩියන්ස් එක අල්ලගන්න මුන් දෙන්නට තියෙන්නෙ පුදුමාකාර, ඉලිප්සාකාර සහ මායාකාර හැකියාවක්.

මියෝනා මියුරි රඟපාන ආත්මිගෙ චරිතය තමයි මේ ටෙලිඩ්රාමා එකේ තියන 'X' සාධකය (The 'X' Factor). 'X' Factor එක කියන්නෙ හරියට පිතිකරුවන්ව අන්ද මන්ද කරවන මුරලිදරන්ගේ දූස්රා එක, මාලිංගගේ යෝකර් එක, මාලිංගගේ ස්ලෝ බෝල් එක වගේ 'මැච් දිනවන' අතිශය සුවිශේෂී unorthodox සාධකයක්!!

'X' සාධකයක් නැතුව ටෙලිඩ්රාමා හිට් කරවන්න අමාරුයි. ඒත් මියෝනාගෙ න්යායාත්මක නොවන, සාම්ප්රදායික රංගන රීතියෙන් එළිය තියන හුරුබුහුටි, කෙළිලොල්, නොමේරූ, unorthodox රංගනය නිසා හිරිපොද වැස්සට ඉතා හොඳ 'X Factor' එකක් ලැබිලා තියනවා.

ප්රධාන චරිතයකට, නවක මියෝනාව ගත්ත එක ප්රඩක්ෂන් එකට ලොකු අභියෝගයක් වෙන්න ඇති. ඒත් මේ 'X Factor' එක අධ්යක්ෂවරයා හරියට මැනේජ් කළොත් ගොඩ. ඒත් පොඩ්ඩ වැරදුනොත් ඩාම් ඩූම් ඩෝම්!!

මියෝනාගෙ රංගනය ඇතුළෙ ප්රේක්ෂකයො අමුතුම සරාගීත්වයක් විඳිනවා. ආත්මි කතා කරන ඇක්සන්ට් එකෙත් මොකද්දෝ දෙල් දොදොල් වෙන, තොල් තොඳොල් වෙන, ලල් ඉගිල්ලෙන ගතියක් තියනවා.

ෆෝචූන් රෙසිඩන්සි ටෙලිඩ්රාමා එකෙන් නැගී එන නිළිය සම්මානය දිනාගෙන Shiny Nethicumara හොඳ ට්රැක් එකකට වැටුන නිසා හිරිපොද වැස්සෙ ටියා ගේ චරිතය ඉදිරියේදී තවත් ඩ්රැමටිකලි කරයි කියලා මම හිතනවා. ටියාගෙ චරිතෙ foreplay විතරයි මම තාම දැක්කෙ.

පාරාදීසේ සහ හිරිපොද වැස්ස ටෙලිඩ්රාමා දෙකේ act කරන Yohani Hettiarachcii තමන්ගේ රංගන හැකියාව පොලිෂ් කරගනිමින් ඉදිරියට එනවා. ඔව්, හිරිපොද වැස්සෙ මෙතූගේ චරිතය හරිම ඌර්තල් විදිහට යොහානි රඟපානවා. ඔව් හරීරීරී ඌර්තල්.

හිරිපොද වැස්ස ටෙලිඩ්රාමා එකේ ඉන්න චරිතෙකට love කරන්න අවස්ථාවක් ලැබුනොත් මම නම් තෝරගන්නෙ පවීව! ඒ කියන්නෙ මෙතූගෙ යාළුවා.

පවීට රඟපාන Sandani Wakkumbura හිතාගන්න බැරි තරම් විශිෂ්ටව තමන්ගේ අනු චරිතය ඇතුළේ කිසිම ආගන්තුක බවක් නැතුව play කරනවා. පවීගේ ඒ විශිෂ්ට රංගනය නිසා ඒ චරිතෙ තියන කටකාර මුරණ්ඩු අංකුටුකම් නියමෙටම පත්තු වෙනවා. ඩෝං!!

මට නම් මේ මුළු ටෙලිඩ්රාමා එකෙන්ම පවී තමයි හොඳටම කරන්නනෙ. දකුණු ඇහිබැම හොල්ලන්නෙවත් නැතුව වම් ඇහිබැම විතරක් උඩට උස්සන්න පවීට පුළුවන්! ඒක නම් මායාවක්.

ජලභීතිකා වගේද රොබරෝසියා කිව්වලු!! ට්රිලීෂියා මිස්ගේ චරිතය කරන Sajini Roy කියන්නෙ මෑත කාලයේ කලර්ස් පෙන්නගෙන ආපු ටැලන්ටඩ් නිළියක්. එයාට තමයි මේ ඩ්රාමා එකේ අභියෝගාත්මකම සහ අමාරුම චරිතෙ ලැබිලා තියෙන්නෙ.

සජිනි කරන්නෙ තරුණ ගුරුවරියකගේ චරිතයක්. පාසල් සිසුවෙක් තරුණ ගුරුවරියක් කෙරෙහි ආකර්ෂණය වීම කියන ගෝලීය සිදුවීම හිරිපොද වැස්ස ඇතුලෙ අමුතුම ලල් එකකින් ඉදිරිපත් කරනවා. ඒත් මේ ගුරු චරිතය හරිම සියුම්ම සමබරව කිසිම තැනක දශමයක්වත් වරද්ද ගන්නෙ නැතුව මොළෙන් play කරන්න ඕන චරිතයක්. මේ වැඩේ පරිස්සමෙන් කරන්න සජිනි සහ පිටපත් රචකයා වගබලාගන්න ඕනෙ.

අරූෂ්ගේ චරිතය කරන Gawindha Nawarathne කියන්නෙ ඉතිං හැම ටෙලිඩ්රාමා එකකම වගේ සැබෑ ජීවිතෙත් මැර චරිතයක් ද කියලා හිතෙන තරම් අතිශය භීෂණකාරී රංගනයක් කරන පට්ට නළුවෙක්.

Ashen Siriwardana රඟපාන ගෙවින් ගේ චරිතය කියන්නෙ පැණි රස අතරට මිරිස් රස එකතු කරලා ප්රේක්ෂකයට වෙනම රහක් දෙන්න පුළුවන් විදිහේ චරිතයක්.

ස්ක්රිප්ට් එකක සාර්ථක ගලා යන්න නම් 'නෙගටිව් පල්ස්' සහ 'පොසිටි පල්ස්' දෙකම අනිවාර්යෙන් තියෙන්න ඕනෙ. ගාවින්ද සහ අශේන්ට අමතරව ආත්මිගේ මවට රඟපාන Nimanthi Poarage කියන්නෙ මේ ඩ්රාමා එක ඇතුලේ 'නෙගටිව් පල්ස්' බොක්කට වදින්න දෙන තුන්දෙනෙක්.

හිරිපොද වැස්ස ටෙලිඩ්රාමා එකේ ආකාශිට රඟපාන Sachinthani Kaushalya, ටියා ගේ යාළුවාට වන චාරුට රඟපාන Sithmi Edirisinghe තමන්ගේ චරිත ලස්සනට කරන්න try කරනවා. ඒත් ඒ අයගේ කැරැක්ටර් ප්රොෆයිල් ඩිවලප්මන්ට් එකේ පුංචි අඩුපාඩු ටිකක් තියනවයි කියලා මට හිතෙනවා. ඒකෙන් ඒ දෙන්නගේ ඇක්ටින් කැපෑසිටි එකට පොඩි අසාධාරණයක් වෙනවා කියලත් හිතෙනවා. ස්ක්රිප්ට් එක ඇතුලෙ ඒ තාක්ෂණික සාධක හදාගෙන යන්න පුළුවන් නම් ඒ අයගේ ඇක්ටින් තවත් ලස්සන වෙයි.

ඒ වගේම ජෙනරේෂන් Z හෙවත් iGen එකේ ඩිජිටල් ජාල භාවිතය, වර්චුවල් සමාජශීලී බව සහ ඔවුන්ගේ මානසිකත්වය මේ ටෙලිඩ්රාමා එකේ ලොජිකලි තියනවා නම් තවත් හොඳයි. ඒත් මේක නිර්මාණයක් නිසා නිර්මාණයට ගැලපෙන විදිහට මේ දේවල් අනුවර්තනය කරලා, පොඩි මැජික් එකක් එක්ක ස්ක්රිප්ට් එකට දැම්මොත් මේ වැඩේ ඉස්ස-රහට තවත් රහ වෙයි.

අඳුන්ගිර, ගිරිදේවි, මැස්සා වගේ වැඩ අධ්යක්ෂණය කරපු සම්මානනීය අධ්යක්ෂ Indika Darmathilaka විසින් මේ වගේ ඉහළ වාණිජමය සහ ජනප්රිය වර්ගයේ වෙනස් වැඩක් කරපු එක සුපිරි. මේ වැඩේ දිගට දිගට යද්දි වැඩේ අත් නොහැර උපරිමයටම අරගෙන යන එක ඉන්දිකගෙ වගකීමක්. එහෙම නොවුනොත් ඉතිං ට'සිරිවෙනවා පුංචි මැණිකෙ!

මීට කලින් ජනප්රිය ස්ක්රිප්ට් ගණනාවක් ලියපු Thimira Udalamaththa ජම්බුගහෙන් වැටුනෙ මේ ගින්දර වගේ තියන හිරිපොද වැස්ස ස්ක්රිප්ට් එකෙක්. ඒත් මගදි වැඩේ චොර කරලා දැම්මොත්, මුලින්ම පාරට බහින්නෙ හිරිපොද වැස්ස වෙනුවෙන් තාප්පවල චිත්ර ඇඳපු අපි කියලා ඔය හැම කෙනාම හො.ම.ත.ග.යු!! එහෙම උනොත් ඉතිං අපි පව් ඕයි!

මේ write-up එක publish කරන්න කලින්, මේ ගැන මාත් එක්ක කතා කරලා මේ write-up එක තවත් පෝෂණය කරන්න දායක වුන මේ විෂය ගැන විශේෂඥ අදහස් තියන පහත නම් සඳහන් අයට Thanks!!

✅ ටෙලිනාට්ය අධ්යක්ෂ, ලේඛක, පිටපත් රචක; සුපුන් රත්නායක
✅ කැලණිය විශ්වවිද්යාලයේ ජනසන්නිවේදන අධ්යයන අංශයේ සහකාර කථිකාචාර්ය; Sathushka Jayawardana
✅ රංගන ශිල්පිනී; Michelle Dilhara
✅ ටෙලිනාට්ය අධ්යක්ෂ; Hasun Sameera
✅ රංගන ශිල්පිනී; Chathurika Peiris
✅ චිත්රපට සහ ටෙලිනාට්ය අධ්යක්ෂ; Thisara Imbulana
✅ රංගන ශිල්පිනී; Chamathka Lakmini

 

ලක්මිණ රණසිංහ ©️

Back to top
Go to bottom