lan englan tam

පුවත්

නළුපතිවරණය 2024

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
නළුවෙක්ට විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරන්න නම් කෑගහලා, කේන්තියෙන් වලි දාගෙන, අඬලා, වැලපිලා, පොළොවේ පස් කාලා, කලිසමේ _ කරගෙන, __ හපාගෙන දඟලලා, ඉහළ 'පරාසයක' විහිදෙන හැඟීම් තියන චරිතයක් රඟපාන්න ඕනෙ කියලා මතයක් තියනවා.

තවත් පැත්තකින් 'රඟනොපා ඉන්නවා, ඒ චරිතයේ සැබෑවටම ඉන්නවා, රඟපාන්න දන්නෙ නැති නළුවො' වගේ මොකද්දෝ දෙයකුත් වෙනවා.

ඒත් මම හිතන්නෙ යම් චරිතයක තියන ඔය 'පරාසය' කියන දේ හොඳ නළුවෙක් වෙන්න අවශ්ය 'එක්' ප්රධාන සාධකයක් විතරයි.
'මෘත ශරීරයකට' රඟපාන නළුවෙක්ටත් පුළුවන් විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරන්න!! මොකා?? ඔව්! ලොකු පරාසයක් නැති උනත්, යම් ඒකාකාරී හැඟීමක්, ඒ අවස්ථාවට 100%ක් ගැළපෙන විදිහට ඉදිරිපත් කරනවා නම් මට අනුව ඔහු විශිෂ්ට නළුවෙක්.
මට මතක රංගන ඉතිහාසයේ ඔය වැඩේ හොඳටම කළේ පුරහඳ කළුවර චිත්රපටයේ වන්නිහාමිට රඟපාපු ජෝ අබේවික්රම. අන්ධ වයෝවෘද්ධ පියා, හුදෙකලාව පිළේ වාඩි වෙලා එකම හැඟීමක් මූණට ආරූඪ කරගෙන මැටි බඳුනක් වගේ නිශ්චලව කරපු රංගනය මට නම් මාරයි. ඒ වෙනුවෙන් ඔහු ජාත්යන්තර සම්මානවලින් පවා පිදුම් ලැබුවා. ඒ වගේම 'ජෝ' කියන්නෙ 'රංගනය මනින මිනුම් ඒකකයක්'. (මේ ගැන ලියපු ආර්ටිකල් link එක අවසානයේ තියනවා)
අද කාලේ උදාහරණයක් ගත්තොත් රැල්ල වෙරළට ආදරෙයි ඩ්රාමා එකේ ඇළේ වැටිලා තියන වෙඩිලාල්ගේ මියගිය සිරුරට රඟපාපු ධර්මප්රිය ඩයස්ගේ (Dharmapriya Dias) රංගනයත් අද්විතීයයි. කන්ටිනිවිටි අවුල් තිබුනත් මෘත ශරීරයකට ඉඳලා ඒ වගේ රංගනයක් ඉදිරිපත් කරන්න එසේ මෙසේ නළු ජගතෙක්ට බෑ.
2024 වර්ෂයේ විශිෂ්ටතම ටෙලි නිළියො ගැන මීට කලින් මම ලියුවා. (මේ ගැන ලියපු ආර්ටිකල් link එක අවසානයේ තියනවා)
දැන්, 2024 වසරේ ඉදිරියෙන්ම ඉන්න නළුවො හතරදෙනා කව්ද කියලා මම කියන්නම්.
ඒත් මේ නිර්දේශවලට 'තාර්කිකව එකඟ නොවීමේ' පූර්ණ අයිතිය ඔබට තියන බව මම තරයේ විශ්වාස කරනවා. මේ ගැන පක්ෂ අදහස් වගේම විපක්ෂ අදහසුත් මම ගෞරවයෙන් පිළිගන්නවා. ඔබට අනුව 2024 වසරේ හොඳම නළුවො කව්ද කියලා comment කරන්න.
✅ 🏆️ ජාතික රූපවාහිනියේ විකාශය වූ චන්දන ඉරුගල්බණ්ඩාර අධ්යක්ෂණය කළ වියළි ටෙලිනාට්යයේ කලුවාගේ චරිතය ජිවමාන කළ අකලංක ප්රභාශ්වර.
කර්කෂ ග්රාමීය පරිසරයක තියන පවුල්, පාරිසරික සහ මානව සම්බන්ධතා එක්ක බැඳුන අරගලත් එක්ක ගැටෙන, පිටතින් රළු සහ ඇතුළතින් මෘදු චරිතයක් තමයි කලූ කියන්නෙ. මම මේ කියපු ගුණාංග රංගනයෙන් පෙන්නන එක ලේසි නෑ.
සහෝදරියට, මවට, පෙම්වතියට දක්වන ත්රිවිධාකාර පෙම ක්රම 3 කට නිරූපණය කරමින්, පියා සමඟ තියන ගැටුම පියවරක් පසුපසට තබා නිරූපණය කරමින් අකලංක ඒ චරිතයට උපරිම සාධාරණයක් කරනවා.
ඒ වගේම හිත හොඳ සහ ගත හයිය දඩබ්බර චරිත ලක්ෂණ කලූගේ චරිතයෙන් විශිෂ්ට විදිහට මතුකරන්නත් අකලංක ප්රභාෂ්වරට පුළුවන් වෙලා තියනවා.
පියාගෙන් එල්ලවන පීඩනය මැද ජීවිතය ඉදිරියට අරගෙන යන්න උත්සාහ කරන කලූගේ චරිතයේ තියන අති සංකීර්ණ ස්වභාවය සහ පරාසය බැලුවහම මේ චරිතය සාර්ථකව නිරූපණය කරනවා කියන එක අත්දැකීම් බහුල ජ්යෙෂ්ඨ නළුවෙක්ට පවා අති විශාල අභියෝගයක්.
මේ වගේ චරිතයක් නිවැරදි අංශකේට කරන්න නම් ඒ නළුවා, මේ කතාව සහ තිර පිටපත ඇතුළට කිඳාබැහැලා, කැරැක්ට ප්රොෆයිල් එක ඔළුව ඇතුලේ පත්තියම් කරගෙන, තමන්ගෙනුත් යමක් චරිතයට එකතු කරලා රඟපාන්න ඕනෙ.
අකලංක විශාල කැප කිරීමක් කරලා, ඒ චරිතයේ තියන හැම සංකීර්ණ ලක්ෂණයක්ම හරියට හසුරවාගෙන තියනවා කියන එක තමයි මගේ නිරීක්ෂණය.
✅ 🏆️ සිරස TV නාලිකාවේ විකාශය වූ ඩිල්ෂාන් පතිරත්න අධ්යක්ෂණය කළ මී මැස්සා ටෙලි නාට්යයේ භූපතිගේ චරිතය ජීවමාන කළ චරිත් අබේසිංහ.
චරිත් කියන්නෙ අහම්බෙන් තමන්ට දාන බෝලෙකට පවා සුපිරි 6ක් ගහන්න පුළුවන් ජගතෙක්.
භූපති කියන්නෙ රටේ අගමැතිවරයා. ඒ චරිතයට ඕන කරන ලුණු ඇඹුල් පදමට එකතු කරලා දනිස්ස නවලා 'චරිත්' රඟපානවා. නිහඬව බලා සිටියත්, කේන්තියෙන් කෑ ගැහුවත්, ආදරණීය වුනත් ඒ හැම අවස්ථාවකදීම ඔහු භූපති කියන චරිතය ඔළුවෙන් මැනේජ් කරනවා කියලා පේනවා.
රටේ අගමැතිවරයාට අමතරව පියා, ස්වාමිපුරුෂයා, අනියම් පෙම්වතා කියන චරිතත් පටලවගන්නෙ නැතුව සාර්ථකව සහ ජනප්රිය ආරකින් ඔහු රඟපානවා.
සාර්ථක නළුවෙක්ට ඕන තවත් සාධකයක් තමයි චරිතයට ගැලපෙන හඬ සහ දෙබස් උච්චාරණ රිද්මය. භූපතිගේ චරිතයට අදාලව මේ අංශයෙනුත් චරිත් ජගගෙන තියනවා.
නළුවෙක්ගේ රංගනය විශිෂ්ට වෙන්න බාහිර තාක්ෂණික කාරණා ගොඩක් හේතු වෙනවා. රංගනයන් විචාරය කරද්දී ගොඩක් අයට මිස් වෙන කෑල්ල තමයි ඒ රංගනයට කැමරාවේ සහ ආලෝකයේ සහාය කොතරම් ලැබෙනවද කියන එක.
නළුවා මුහුණෙන් ඉදිරිපත් කරන සියුම් ඉරියව් වඩාත් හොඳින් මතු කරන්න ආලෝකය, අඳුර, සෙවනැලි සහ "වෙනස් කෝණවලින් රූපරාමු මනාව කළමනාකරණය කිරීම" කරන්න දන්න කැමරා අධ්යක්ෂවරයෙක් ඉන්න එක දක්ෂ නළුවෙකුට පට්ට බෝනස් එකක්. මී මැස්සා ටෙලිනාට්යයේ දී චරිත් ට ඒ බෝනස් එක හොඳටම ලැබිලා තියනවා.
✅ 🏆️ TV දෙරණ නාලිකාවේ විකාශය වූ තිළිණ බොරලැස්ස අධ්යක්ෂණය කළ 'සිත නිදි නෑ" ටෙලි නාට්යයේ පියාගේ චරිතය ජීවමාන කළ අනුරාධ මල්ලවාරච්චි.
අනුරාධ කියන්නෙ අත්දැකීම් එක්ක හොඳට පොලිෂ් වෙච්ච නළුවෙක් කියලා බැලූ බැල්මටම පේනවා. ටෙලිවිෂනයට ඔහු අලුත් වුනත් ඔහුගේ රඟපෑමේ කිසිම ආගන්තුක බවක් නෑ.
වේදිකාවෙන් ටෙලිවිෂනයට එන බොහෝ නළු නිළියන්ට තියන "මාධ්යයට අනුගත වීමේ දෝෂය" අනුරාධ ළඟ නෑ. ඒ බව ඔප්පු කරමින් කොඩිගහයට ටෙලිඩ්රාමා එකේ අනුරාධ විශිෂ්ට රංගනයක නිරත වුණා.
සිත නිදි නෑ ටෙලිඩ්රාමා එකේ ඔහු රඟපාන්නෙ හැමදාම අපි දකින තාත්තට වඩා වෙනස් තාත්තා කෙනෙක්ගේ චරිතයක්. ඒ වගේ වෙනස් චරිත රඟපාන එක හරිම පරිස්සමෙන් ගානට මිම්මට කරන්න ඕනෙ. රංගනය ගැන පරිච්චයක් නැති මනුස්සයෙක්ට ඒ වැඩේ ලොවෙත් කරන්න බෑ. ඒත් අනුරාධ හරිම මිම්මට ඒ චරිතයේ තියන නැවුම් බව සහ වෙනස් හැඩය මතුකරලා පෙන්නුවා.
අනුරාධ රඟ දකවපු ඒ චරිතයේ මම කැමතිම විශිෂ්ට කොටස තමයි, ඇකඩමික් රංගන ධාරාව සහ ජනප්රිය රංගන ධාරාව කියන අංශ දෙකම ආවරණය කරන්න අනුරාධට තිබුන දක්ෂතාව.
අධික වේගයකින් රූගත කිරීම් කරන මෙගා ටෙලිඩ්රාමා එකක් ඇතුළෙ බරසාර රංගන ආරත්, ජනප්රිය හෙවත් ජනාකර්ශනීය රංගන ආරත් හරියටම බැලන්ස් කරලා, හරිම තැනට තමන්ගේ චරිතය ඔසවා තැබීම අති විශිෂ්ට විදිහට අනුරාධ කරනවා. ඒ සංකලනය නිසා මේ චරිතය මට විශිෂ්ටයි.
ඒත්, සිත නිදි නෑ ටෙලිඩ්රාමා එකේ අනුරාධ කරන මේ චරිතය කිසිම සම්මාන උළෙලක හෝ වෙනත් ඇගයීම් ක්රමවේදයක් ඔස්සේ ඇගයීමකට ලක් වෙයිද කියන එක සැක සහිතයියි. ඒකට හේතුව තමයි ජනප්රිය වාණිජ ධාරාවේ දීර්ග ටෙලිඩ්රාමාවලට අවරගණයේ ලේබලය වැදී තිබීම.
ඒත් නූතනවාදී ටෙලි භාවිතාවන් ගැන අවබෝධයෙන්, වාණිජ විනෝදාශ්වාදී මාධ්යයක් ලෙස ටෙලිවිෂන් භාවිතය ගැන හිතලා ඇගයීම් සහ සම්මාන දෙන අවස්ථාත් නැතුවාම නෙමෙයි.
2023 //web.facebook.com/@RaigamTelees/?__cft__[0]=AZU_jMwlw-ikODK9TyBrZIKciqJMDcnCqyyw5EYdzmpwsecAknsNWpu3HKsRSDGDxIH9BgY2WxCknO3nUwGKQL6wh9jWR5hDiOrKRkxtisY_OMyXwtpIsmEkkgcwcRLARrBDMvOCFVH7PhKg3eCypejtAJD71rYYFezt_gWhaYVtPpt7R_nVQP9cCdcZGWv02es&__tn__=-]K-R" class="x1i10hfl xjbqb8w x1ejq31n xd10rxx x1sy0etr x17r0tee x972fbf xcfux6l x1qhh985 xm0m39n x9f619 x1ypdohk xt0psk2 xe8uvvx xdj266r x11i5rnm xat24cr x1mh8g0r xexx8yu x4uap5 x18d9i69 xkhd6sd x16tdsg8 x1hl2dhg xggy1nq x1a2a7pz x1sur9pj xkrqix3 x1fey0fg x1s688f" style="color: var(--blue-link); cursor: pointer; text-decoration: none; list-style: none; margin: 0px; text-align: inherit; border-style: none; padding: 0px; box-sizing: border-box; border-width: 0px; outline: none; -webkit-tap-highlight-color: transparent; font-weight: 600; touch-action: manipulation; background-color: transparent; display: inline; font-family: inherit;" tabindex="0" role="link">Raigam Tele'es සම්මාන උළෙලේ Julia Sonaliට ලැබුන හොඳම නිවේදිකාවට හිමි සම්මානය නූතනවාදී විශිෂ්ට රැඩිකල් තීරණයකට හොඳ උදාහරණයක්. (මේ ගැන ලියපු ආර්ටිකල් link එකත් අවසානයේ තියනවා)
✅ 🏆️ ජාතික රූපවාහිනියේ විකාශය වූ චන්දන ඉරුගල්බණ්ඩාර අධ්යක්ෂණය කළ වියළි ටෙලි නාට්යයේ පියාගේ චරිතය ජීවමාන කළ සරත් කොතලාවල.
සරත් කොතලාවල කියන්නෙ ශ්රී ලංකාවේ රංගන ක්ෂේත්රයේ අති විශිෂ්ට පරිණත නළුවෙක් කියලා වියළි ටෙලිඩ්රාමා එකෙන් ඔහු නැවතත් ඔප්පු කළා.
ග්රාමීය පරිසරයක පවුල් සංස්ථාවේ සහ ග්රාමීය සමාජයේ තියන සංකීර්ණතාවලට පියෙක් මුහුණදෙන හැටි සියුම් ලෙස නිරූපණය කරන්න වියළි ටෙලිඩ්රාමා එක හරහා සරත් කොතලාවල සමත් වෙලා තියනවා. සරත්ගේ ස්වභාවික පෙනුම / බොඩි ලැංවේජ් එක පවා ඒ රංගනයට සහය ලබා දෙනවා.
තමන්ගේ හිත ඇතුලේ කෑමොර දෙන දෙගිඩියාවන්, වේදනාවන්, පීතෘත්වය සහ දරුවන්ගේ හැසිරීම් ආශ්රිත ප්රශ්න, පවුලේ ව්යාකූලතා ආදිය ඔහු හරිගාණට මුහුණෙන් නිරූපණය කරනවා.
ඔහුගේ ඇස් යොමුවෙන විදිහෙන් සහ දෙබස්වල ටෝන් එකෙන් පවා හිතේ කැකෑරෙන දේවල් ඔහු නොකියා කියනවා. රංගනයක් ඇතුලෙ මේ තරම් සංකීර්ණ දේවල් ඉතාමත් සරලව සහ අනුත්සාහිකව කරන්න, සරත් කොතලාවලගේ අත්දැකීම් සහ රංගනය ගැන ඇති සබුද්ධික බව ඔහුට ලොකු උදව්වක් වෙන්න ඇති.
සමහර නළුවන් මේ වගේ නිරූපණවලදි වැඩිපුර දඟලන්න ගිහිල්ලා ඕවර් ඇක්ටින් දඟලානා කරගන්නවා. විශේෂයෙන්ම වේදිකාවෙන් එන සමහර නළුවො!! ඒත් සරත් කොතලාවල අඩුත් නැති වැඩිත් නැති තැනක හිටගෙන තමන්ගේ රංගනය කරනවා.
ඒ වගේම මේ චරිතය ඇතුළෙ දෙබස් නැතුව මුහුණේ සරල ඉරියව්වලින් සියුම් හැඟීම් නිරූපණය කරන්න සරත් කොතලාවල විශාල සමත්කමක් පෙන්නනවා.
මේ ආර්ටිකල් එක ගැන මාත් එක්ක කතා කරලා වාද කරලා අදහස් බෙදාගත්ත, මේ විෂය ගැන විශේෂඥ දැනුමක් ඇති පහත නම් සඳහන් විශිෂ්ටයින්ට Thank you very much!!
✅ සම්මානනීය, ජ්යෙෂ්ඨ රංගන ශිල්පී: මහේන්ද්ර පෙරේරා Mahendra Perera
✅ සම්මානනීය, ජ්යෙෂ්ඨ රංගන ශිල්පී: සනත් ගුණතිලක Sanath Gunathilake
✅ සම්මානනීය, ජාත්යන්තරව පිළිගත් චිත්රපට අධ්යක්ෂක: විමුක්ති ජයසුන්දර Vimukthi Jayasundara
✅ සම්මානීය, ජ්යෙෂ්ඨ කැමරා අධ්යක්ෂක සහ චිත්රපට අධ්යක්ෂක: චන්න දේශප්රිය Channa Deshapriya
✅ සම්මානනීය, ජ්යෙෂ්ඨ රංගන ශිල්පී සහ වේශ නිරූපණ ශිල්පී: ප්රියන්ත සිරිකුමාර Priyantha Sirikumara
✅ සම්මානනීය, නිර්මාණවේදී චින්තන ධර්මදාස Chinthana Dharmadasa
ආශ්රිත වෙනත් ලිපි :
✏️ රංගනය මනින මිනුම් ඒකකය 'ජෝ' - https://www.facebook.com/share/1XstZifxWK/
✏️ නිළිපතිවරණය 2024 - https://www.facebook.com/share/15Wdu3NF8J/
✏️ නූතනවාදී ටෙලිවිෂනයට ලැබුන එකම රයිගම් සම්මානය / ජූලියා සොනාලි - https://www.facebook.com/share/p/1G1xyCLPdE/
 
ලක්මිණ රණසිංහ ©️
Back to top
Go to bottom