lan englan tam

පුවත්

'රාණි' Richard සහ මනෝරාණි ගැන මගේත් කතාව; අශෝක හඳගම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මනෝරාණි ගැන විවිධ අයට විවිධ කතා කියන්න ඇති. මටත් තිබුණා මගේ කතාවක් කියන්න. ඒ නිසා (අහම්බෙන් ඇඟේ වැදුණු) මේ චිත්‍රපටය ඒ සඳහා අවස්ථාව වුණා. ස්වර්ණාගේ රංගන සිහිනය සැබෑ කිරීමත්, මනෝරානි ගැන මගේ කතාව කීමත් මේ චිත්‍රපටයේ අරමුණ වුණා. අසූව දශකයේ තරුණ විය පසු කරගෙන ආපු හැමෝටම අඩු වැඩි වශයෙන් මේ අත්දැකීම මතක තියෙනවා.

මේක මගේ අනිත් චිත්‍රපටි වලට වඩා ශෛලියෙන් වෙනස් එකක්. Biopic හෙවත් ජීවිතකතා ශානරයට අයිති එකක් කියුවොත් වැරදි නැහැ. හැබැයි එහෙමමත් නෙවෙයි. කොහොම හරි එහෙම තමයි. ඒත් වෙනස්.
රූපවාහිනියේ ඉංග්‍රීසි නිවුස් කිව්ව හින්දා, යශෝරාවය ජනප්‍රිය ටෙලි නාට්‍යයේ හිටපු හින්දා රිචඩ් නොදන්න කෙනෙක් නැහැ. එහෙත් අන්තිම වතාවට මම රිචඩ් ව දැක්කේ, මඝාත වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය දා ලුම්බිණියේ දී. වේදිකාවේ පැති තිරයක් අස්සෙන් ්‍රේක්ෂකාගාරය දෙස බලා ඉන්න මට අන්තිම වතාවට රිචඩ්ව දැක්ක හැටි හොඳට මතකයි. මාඝාත නාට්‍යයේ පලවෙනි review එක The Island පුවත්පතට ලිව්වේ ත් රිචඩ්.
(ඒ 1989 ඔක්තෝබර් මාසයේ දවසක. )
ඉතින් Richard ගැනත් මනෝරාණි ගැනත් මගේ කතාවයි රාණි. ඒ හින්දා මේක ප්‍රබන්ධයක්.
රාණි චිත්‍රපටියේ trailer එක දැන් අවුට්. ඒක සිනමා ශාලාවල තිරගත කෙරෙනවා. සිනමා හල්වල තිරගත කෙරෙන 2K කොලිටි එකේ බලන්න ඕන නං මේ link එකට ගිහින් බලන්න.

'රාණි' අධ්‍යක්ෂ අශෝක හඳගම විසිනි

Back to top
Go to bottom

Popular News