lan englan tam

පුවත්

මිනිසා සහ කපුටා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
මෑතකදී අපගෙන් සමුගත් ප්රවීන සිනමා අධ්යක්ෂක සුගතපාල සෙනරත් යාපා මහතා විසින් නිර්මාණය කරන ලද "මිනිසා සහ කපුටා"කෙටි චිත්රපටය මෙරට බිහිවූ විශිෂ්ට කෙටි චිත්රපටයක් ලෙස අවිවාදයෙන් පිළිගැනේ. 1969 වසරේ ඉන්දියාවේ පැවැත්වූ නවදිල්ලි අන්තර්ජාතික සිනමා උළෙලෙහිදී රජත මයුර සම්මානය දිනා ගත්තේ "මිනිසා සහ කපුටා" කෙට් චිත්රපටයයි. එවර එම සිනමා උළෙලේ සභාපති පදවිය දැරුවේ ප්රකට සිනමාකරු සත්යජිත් රායි විසිනි. පසු කලෙක බෙංගාලි සිනමාවේ ප්රකට සිනමාවේ ප්රවීන අධ්යක්ෂවරයෙක් වී ම්රිනාල් සෙන් ද මෙම උළෙල සඳහා කෙටි චිත්රපටයක් ඉදිරිපත් කොට තිබූ අතර ඊට හිමි වී ඇත්තේ තුන්වෙනි ස්ථානයයි.

 කෙසේ වුවත් "මිනිසා සහ කපුටා" කෙටි චිත්රපටය සඳහා අන්තර්ජාතික සම්මානයක් දිනා ගත් සුගතපාල සෙනරත් යාපා මහතාට මෙරට රජයෙන් නිසි පිළිගැනීමක් ලැබී නොමැත. සම්මානය දිනා මෙරට පැමිණි ඒ මහතා පිළිගැනීමට ගුවන් තොටුපලට පැමිණ ඇත්තේද පවුලේ උදවිය පමණි.

"මිනිසා සහ කපුටා"චිත්රපටයෙන් මිනිස් සිතේ පහලවන තෘෂ්ණාව පිළිබඳව විමසුමක යෙදීමට අධ්යක්ෂවරයා උත්සාහ දරා ඇත. චිත්රපටයේ ඇතුලත් වන්නේ චරිත ද්විත්වයක් පමණි. සමන් බොකලවල සහ ගාමිණී ගනේගොඩ එම චරිත සඳහා රංගන දායකත්වය සැපයූහ. "මිනිසා සහ කපුටා" දෙබස් කිසිවක් නොමැතිව සංගීතය හා පසුබ්ම් ශබ්ද පමණක් අන්තර්ගත වූ පර්යේෂණාත්මක කෙටි චිත්රපටයකි.
 
රුවින්ද කොල්ලුරේ - The Cinema People
 
Back to top
Go to bottom