lan englan tam

පුවත්

ජන්ම ශත සංවත්සරය සමරන 'රාජ් කපූර්'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉන්දීය සිනමාව තුළ සදාතන වීරයකු ලෙස අද (14) දිනයේ සිය ජන්ම ශත වර්ෂය සපුරන නළුවා රාජ් කපූර්ය.

සිය කලා දිවියෙන්, පවුලෙන් සහ සමීපතමයින්ගෙන් මෙන්ම රසික රසිකාවියෙන්ගෙන්ද සමුගෙන දශක ගණනාවක් ගෙවුණද ඉන්දීය සිනමාවට සිය නාමය සමගින් දායාද කළ චරිතාංග මුහුණු කෙරෙන් රාජ් කපූර් නාමය නොමැකී යාමටත් එම උත්කර්ෂයෙන්ම ජන්ම ශත සංවත්සරය සැමරීමටත් රාජ් කපූර් උරුමකම් කියා ඇත.
ඒ අනුව වසර 100ක ජන්ම දිනය හේතුවෙන් ඊයේ (13) සිට හෙට (15) දිනය දක්වා සැමරුම් සංවිධානය කිරීමට රාජ් කපූර්ගේ පවුලේ සාමාජිකයින් කටයුතු කර තිබේ. අද පැවති සැමරුම් උත්සවයේ විශේෂත්වයක් හැටියට රාජ් කපූර්ගේ මුණුබුරා රන්බීර් කපූර් සිය මුත්තණුවන්ගේ රැවුල් විලාසිතාව සමග පැමිණීම හැඳින්විය හැකිය.
'රාජ් කපූර් සිනමා උළෙල' සමගින් රාජ් කපූර්ගේ ජනප්‍රිය චිත්‍රපට 10ක් නගර 40ක සිනමාශාලා 135ක තිරගත කෙරෙන අතර එහි ප්‍රධාන සැමරුමට කපූර් පවුලේ සියලු දෙනා සහභාගි වී තිබිණි.
1924 දෙසැම්බර් 14 උපන් මෙම කලාකාමී රාජ් කපූර් නළුවෙකු වශයෙන් හඳුනාගන්නා අතර සාර්ථක මෙන්ම සමාජයට වැදගත් කතා තේමාවන් සමග රසිකයින් ආමන්ත්‍රණය කළ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකයෙකු වේ.
ඉන්දියාවේ පශ්චාත් නිදහස් යුගයේ සිනමා කටයුතු ඇරඹි රාජ් කපූර් සිනමාවට කලාකාමී ලෙස නිරුවත එක් කිරීම පිළිබඳවද මිශ්‍ර ප්‍රතිචාර ලැබූ සිනමාකරුවෙකි.
සිනමා නළුවෙකු වූ ප්‍රිත්විරාජ් කපූර්ගේ පුතණුවකු වූ රාජ් කපූර්ට ශම්මි සහ ශෂී සොහොයුරන් සහ උර්මිලා සියාල් නම් සහෝදරියක වේ. රාජ් කපූර්ගේ බිරිඳ වන්නේ ක්‍රිෂ්ණා කපූර්ය. රන්ධීර්, රිෂී, රාජීව්, රිතූ, රීමා රාජ්ගේ දරුවන් වේ. මෙහි ඊළඟ පරපුර ලෙස ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නාම වන කරීෂ්මා, කරීනා රන්ධීර්ගේ දියනිවරුන්, නිළි බබිතා ඔහුගේ බිරිඳ, රිෂීගේ පුත් රන්බීර්, රන්බීර්ගේ බිරිඳ ආලියා සිනමාවේ සම්මානනීය නළුනිළියන් වේ. මොවුන්ගේ අනෙකුත් දරුවන් විවාහ වී සිටින්නේද සිනමා පවුල්වලින් වීම හේතුවෙන් කපූර් පවුල සිනමාව තුළ විහිද යාම තවත් පුළුල් වී ඇත.
1935 ඉන්කලාබ් (නිදහස) චිත්‍රපටයේ ළමා නළුවකු ලෙස සිනමාවට එක් වන රාජ් කපූර් මධුබාලා සමග 1947දී රඟපෑ 'නීල් කමල්' චිත්‍රපටයෙන් ජනප්‍රිය විය.
ආවාරා සහ සිය ආර්.කේ. (ඔහුගේ නිෂ්පාදන සමාගම ) ෆිල්ම්ස් වෙතින් නිෂ්පාදනය කරනු ලැබූ අනෙකුත් චිත්‍රපට වන ආග්, බර්සාත්, ශ්‍රී 420, සංගම්, මෙරා නාම් ජෝකර්, සත්‍යම් ශිවම් සුන්දරම්, රාම් තෙරී ගංගා මෙයිලි යන චිත්‍රපට කෙරෙන් ඔහු වඩාත් සාර්ථක විය.
තමන් නැසී ගියද අද සිය ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් රසික පරපුරක් මෙන්ම දැවැන්ත පවුලක් ගොඩනැගීමට සමත් වූ රාජ් කපූර් නාමය ලෝක සිනමාවේද සදාතන වීරයින් නාමාවලියෙන් ඉවත් නොවීමට මෙම කාරණා නිසැකවම හේතු වනු ඇති අතර ඒ වෙනුවෙන් ඇති ආදරයද සදා නොනැසෙනු ඇත.

Back to top
Go to bottom