lan englan tam

පුවත්

නිර්මාණශීලී නොවීමේ වරදකාරීත්වය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නිර්මාණශීලී උනේ නැති උනාම දැනෙන Guilty එක (වරදකාරී හැඟීම) සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් තුළ ඇතිවෙන්නට පුලුවන් මානසික තත්වයක්..

මේක ඇතිවෙන්නෙ නිර්මාණකරනයට ගොඩක් නැඹුරුතාවයක් දක්වන අයට නැත්තම් ඒ රැකියාවල ඉන්න අයට..
කෙටියෙන් කිව්වොත් නිර්මාණශීලී නොවීම නිසා හිතේ ඇතිවෙන වරදකාරීව දැනෙන හැඟීම..
නිර්මාණශීලී නොවී ඉ‍ඳීම හැමවෙලේම එන්නෙ Creative Blocks / Burnouts නැත්තම් ගොඩක් නිර්මාණශීලී දේවල් කරලා වෙහෙසුනාම *විතරක්* නෙමෙයි. වෙන මනෝසමාජයීය හේතුත් ඇතුලත්...
-----------------------------
නිර්මාණශීලී වරදකාරීත්වය (Creative Guilt) ඇතිවීමට හේතු කීපයක් තියෙනවා
✳️ සිතෙහි පවතින පීඩාකාරී බව
සමහර දෙනෙක්ට දැනෙන්න පුලුවන් ලොකු ප්‍රෙශර් එකක් වටපිටේ සමාජෙන් නැත්තම් මේවට Societal Norms කියලා කියන්න පුලුවන්.. ඒවා එක්ක බැඳුණු ස්වකීය බලාපොරොත්තු නිසා Creative නොවී ඉඳීම එක්ක ඇතිවෙන වරදකාරීව දැනෙන හැඟීම..
✳️ මගහැරීමේ බිය (Fear of Missing Out)
මේ හේතුව තමයි අනිත් තමන් වටේ ඉන්න ප්‍රජාව ඵලදායි (Productive) වෙන එක, එක්කො හැමෝම Creative වෙනවා කියලා දැනෙන කියන දේත් එක්ක තමන්ගෙන් වෙන දේ ප්‍රමාණවත් නොවීම කියන හැඟීම..
✳️ නිර්මාණශීලීත්වය හා බැඳුනු ස්වයං-වටිනාකම සම්බන්ධවීම නිසා ඇතිවෙන මානසික වියවුල් බව..
නිර්මාණශීලීත්වය පවත්වාගෙන යාමට ආත්ම අභිමානය (Self-Esteem) අවශ්‍යයයි, ගැටලුව ඒක අඩුවැඩි වෙන තැන්වලදි පාලනය කරගන්න බැරිවෙන එක සෘජුවම බලපානවා තමන්ගෙ වැඩ එක්ක.. මේ හරහා ඇතිවෙන්නෙ ක්‍රියේටිව් නොවුනගමන් තමන් ගැන තමන්ට සතුටුවෙන්න බැරිවීම, ඒකෙන් සමාජෙ තමන්ට තියෙන තැන නැතිවෙයි කියන බිය...
✳️ ඵලදායිතාව පිළිබඳ සංස්කෘතික මිත්‍යා මත
අපේ සමාජය හැදිලා තියෙන්නෙ විවිධ කුලකවලින් ඒවා නියෝජනය කරන මිනිස්සු වර්ග විශාල ප්‍රමාණයක් දකින්න ඉන්නවා ඵලදායිතාවය ගැන විවිධ අදහස් දරණ.. ඒ අය Productive වීම Creative වී ඉඳීම ගැන දරණ මත එකිනෙකාට වෙනස්..
වැඩක් කරන්න, පොතක් පතක් අල්ලන්නෙ නෑ, නිකමක් වෙයි...
මේවගේ දේවල් ජීවිතකාලයේ බොහෝතැන්වල අපි කීපදෙනෙක් හෝ අසා තියෙන්නට පුලුවන් ඒක නොවෙන අය හා සමානවම....
✳️ සමාජ මාධ්ය සංසන්දනය
සමාජ මාධ්යවල දැන් වැඩිපුරදෙනෙක් තමන්ගෙ ආට් එක පෙන්නන්න යොදාගන්න තැනක් හින්දා ඒවගේ තැන්වලදි Creative නොවීම නිසා ඒ සමූහයන්වලට අදාළ නොවී ඉඳීමක් තමන් අතින්වෙනවා මුළුගැන්වෙනවා කියලා දැනෙන හැඟීම... ට්‍රෙන්ඩ් එක මිස්වීම වගේ එකක්.. එක්කො කොන්වෙනවා වගේ අදහසක්...
ඔය හැම එකම විවිධ ලක්ෂණ කෙනාගෙන් කෙනාට දකින්න තියෙනවා,
තමන්ගෙ චිත්‍ර අඳින හිත මිත්‍රයින්, කවි ලියන හිත මිත්‍රයින් වෙනදා වගේ ඔයාගෙ නිර්මාණ එක්ක සම්බන්ධ නොවී ඉන්න පුලුවන්, සමාජ මාධ්යවලින් අයින්වෙන එක, නිහඬව, අලසව ගතකරනවා වගේ පේන්න තියෙන එක වගේ දකින්න පුලුවන්..
ඒක හිත මිත්‍රයින් තමන්ගේ වැඩවලට ඉරිසියා, තරහා හින්දා වෙන එකක් නෙමේ හැමවෙලේම...
එයා තමන් තුළ අරගල කරන ගැටලුකාරී කාලයක්.... මේවගේ අය එක්ක ඒක නිසා ඉවසීමෙන් වැඩකරන්න.. හොඳම යාලුවෙක්නම් පොඩ්ඩක් සම්බන්ධවෙලා, කතාබහ කරලා බලන්න...
සමහර පුද්ගලයින් මේ තත්වයෙන් පසුවෙන කිසිම නිර්මාණශීලී පුද්ගලයෙක් එක්ක සම්බන්ධවීමත් නතරකරලා දානවා... ඒ නිර්මාණශීලී කටයුතු දකින එකෙන් පවා එයාලා වෙහෙසට පත්වෙනවා.. පිළිකුලක් පවා හටගන්නවා...
ඊලඟ දේ Creative නොවී ඉඳීම හැමවෙලේම මානසික රෝගයක් නෙමේ,
ඒත් මේක දිගින් දිගටම තමන්ට තියෙනවා වගේ දැනෙනවනම් තමන් වෙන මානසික රෝගීතත්වයක් එක්ක ඉන්න ඉඩ තියෙනවා..
හොඳම දේ මෙතනදි Counselor කෙනෙක් හෝ මානසික වෛද්‍යවරයෙක් මුණගැහෙන එක.. උදව් ගන්න එක..
කොහොම උනත් ඊට කලින් තමන්ට කරලා බලන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා...
මූලිකම එක නිර්මාණකරනයෙන් තමන්ට කෙටි Decent විවේකයක් ලබලා දෙන්න තමන් වඩාත් කැමති *අනිත්* දේවල් එක්ක.. නිර්මාණශීලී උනේ නෑ කියලා කවුරුත් තමන්ව Judge කරන්නෙ නෑ, එහෙම කරනවනම් තමන් ඉන්නෙ වැරදි පරිසරයක...
Movies, Music එක්ක සම්බන්ධවෙන්න, තමන්ගෙ කාමරයෙ පෙනුම වෙනස් කරගන්න බලන්න, වෙනදට වැඩකරන තැන ටිකක් වෙනස් කරලා බලන්න.. පොඩ්ඩක් ඇවිදින්න, නිවාඩුවක් ගන්න පුලුවන්නම් Traveling කරන්න Mind එක Refresh වෙන්න...
----------------------
මේක මන් ටික කාලයකට කලින් ලියපු සටහනක්, ඒත් දැන් බොහොමයක් දෙනා ලියන යමක් කියවන නිසා ඒ හැමෝම වෙනුවෙන් ආයෙම මේ සටහනේ තැන් කීපයක් ආයෙ අලුතෙන් ලියලා පලකරන්න හිතුවෙ...

ධනංජය රණවක

Back to top
Go to bottom