'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදයට මෙවර එක් වූයේ පසුගිය සාහිත්‍ය මාසයේදී වැඩියෙන්ම අලෙවි වූ 'සීනි මුරුක්කු' කෙටි කතා සංග්‍රහයේ ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගලය.
කසුන් පසුගියදා මවක වීමේ ප්‍රීතිය සමරන ජනප්‍රිය නිළි මාධවී වත්සලාගේ සැමියා වේ.
මාධවී මෙන්ම ඉතිරෙන සතුටක් දරමින් සිටින මොහොතක කසුන් එක් වූ සංවාදය විකාශය කෙරෙන්නේ 'මිරර් ආට්ස්' සංවාදයේ පූරකවරිය මනෝහාරි හේවාවසම් සමග 'අවංක කයියක්' ගැසීමේ අපේක්ෂාවෙන් කසුන් වැඩසටහනට සම්බන්ධ වීමත් සමගිනි.
තම කෘතිය වෙනුවෙන් හැදුණු දිගු පෝලිම දෙස බලා සිටි ප්‍රවීණ ලේඛිකාවක දුර්මුඛ වීමේ සිදුවීමක් සංවාදයේදී කසුන් හෙළි කරන අතර තමන් හැදුවේ පොත් රැල්ලක් මිස කුඩු රැල්ලක් නොවන බව කසුන් අවධාරණය කරයි.
'මිරර් ආට්ස්' යූටියුබ් සංවාදය සෑම සෙනසුරාදාවකම මිරර් ආට්ස් යූටියුබ් නාලිකාවේ සවස 07ට විකාශය කෙරේ.