lan englan tam

පුවත්

පරාක්‍රම නිරිඇල්ලයන් රිචඩ් ද සොයිසා ගැන කියයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සෝමවීර සේනානායකයන්ගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය කෙරුණ 'යශෝරාවය' ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වන්නේ ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ලයන්ය.

'යශෝරාවය' ටෙලි නාට්‍යයේ රඟපෑ රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියා මෑතකදී අධ්‍යක්ෂවරයාගේ මතකයට නැගී තිබුණේ නුදුරේදීම එළිදැක්වීමට නියමිත අශෝක හඳගමගේ සිනමා කෘතිය 'රාණි' හේතුවෙනි.
'රාණි' නිර්මාණය වී ඇත්තේ රිචඩ්ගේ මව හා ඔහුගේ ජීවිතය ඇසුරින් වන අතර පරාක්‍රම නිරිඇල්ලයන් මෙසේ ඔහුගේ හිතවත් නළුවා සිහිපත් කර තිබිණි.

රිචඩ් ද සොයිසා සහ මිෂෙල් ලීම්බෘගන් "යශෝරාවය" ටෙලි නාට්‍යයේ රින්ස්ලි සහ ඔහුගේ විදේශීය බිරිඳ ලෙස. රින්ස්ලි කියන්නෙ වීරසේකරගෙ සහ සුදුහාමිනේගෙ දෙවැනි දරුවා. බලදේවගේ මල්ලි. ජීවත් උනේ එංගලන්තෙ. මේ ඔහු බිරිඳ සහ දරුවා සමඟ ලංකාවෙ පවුලේ සාමාජිකයින් අතරට පැමිණි අවස්ථාව.
රිචඩ් මට හමුවන්නේ රූපවාහිනියේ සේවය කළ කාලයේ. "යශෝරාවයේ" රින්ස්ලිගේ චරිතයට මා ඔහුට කළ ඉල්ලීම ඔහු නිහතමානීව බාර ගත්තා. ඒ විතරක් නොවෙයි සැළසුම් කළ දිනවල ඔහු නිහතමානීව ගම්පහදී කළ රූගතකිරීම්වලට ආවා. රූගතකිරීම් මහ රෑ අවසන් වෙලා ඔහුව වාහනයකින් ගෙදර ඇරලවන්න කොතෙක් උත්සාහ කළත් ඔහු එය ප්‍රතික්ෂේප කරලා තනිවම පයින් ඇවිදගෙන ගම්පහ 'බස්ටෑන්ඩ්' එකට යනවා. රෑ 2.00ටත් ඔහු එහෙම කළා. එහෙම ගිහින් 'බස්ටෑන්ඩ්' එකේ කොතැනක හරි වාඩි වෙලා අතේ නිතරම අරගෙන යන මොකක් හරි පොතක් කියවනවා කීයට හරි කොළඹ බස් එකක් එනකල්.
මේ අපූරු නිහතමානී රංගන ශිල්පියාගෙ, අදීන මාධ්‍යවේදියාගෙ ජීවිතය අවසන් උනේ කොහොමද කියලා අපි කවුරුත් දන්නවා.

පරාක්‍රම නිරිඇල්ල

Back to top
Go to bottom