lan englan tam

පුවත්

අවුරුදු 100ක් ගියත් අපි ප්‍රවෘත්ති කියන්නේ ලිඛිත භාෂාවෙන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"තවමත් අපි ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ ලිඛිත භාෂාවෙන්."

ප්‍රවෘත්තියක ගුණාත්මකභාවය සුරැකීමට ඉටු කරන යුතුකමක් හැටියට පෙන්වා දෙමින් මෙසේ පවසන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් – වැඩසටහන් ධුරයේ කටයුතු කරන ජනප්‍රිය නිවේදිකාවක වන මයුරී අබේසිංහය.
1925 දෙසැම්බර් 16 වැනි දින නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ආරම්භ කළ ගුවන් විදුලි සේවය පිළිබඳව 'සිළුමිණ' පුවත්පතේ ටානියා මෝසස්ට අදහස් දක්වමින් ඇය මෙසේ ප්‍රකාශ කර තිබිණි.
"තවමත් බොහෝ නිර්මාණකරුවන් ඔවුන්ගේ ගීත අපේ සරල ගීයක් ලෙස අනුමත කරගන්න උත්සාහ කරනවා. තවමත් සරල ගී ඔඩිෂන් තිබෙනවා. ළමා ගී ඔඩිෂන් තිබෙනවා. ඇවිත් බලන්න මොනතරම් ඉල්ලුම් පත්‍ර තියනව ද? එයින් කී දෙනෙක් ද පාස් වෙන්නේ කියලා. මේ විදිහට ජාතික ගුවන් විදුලිය විදිහට සමාජයක් රක්ෂා කරගෙන යන වැඩක් අපට තියෙන්නෙ. එය පහසු නොවුණත් සියවසක සමාජ වගකීම අපෙන් ඈත් වෙලා නෑ.
අද පෞද්ගලික මාධ්‍යවල මුල් පුටු හොබවන බොහෝ පිරිසක් ගුවන් විදුලියේ ළමා වැඩසටහන්වලින් ළමා ශිල්පීන් ලෙස ආපු අය. ඒ අය හොඳ දේ ඉගෙන ගත්තත් අපේ පොදු න්‍යාය පත්‍ර අමතක වෙනවා පෞද්ගලික ආයතනවල වාණිජ ඉලක්කවලට යන ගමනේදි. හැබැයි අපි එක තැනක නතර වෙලා බැලුවොත් ජාතික ගුවන් විදුලිය වැඩියෙ කෑ ගැහුවේ නැති වුණාට භාෂාව පිළිබඳ ප්‍රමිතීන් ආරක්ෂා කරනවා. තවමත් අපි ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ ලිඛිත භාෂාවෙන්." යනාදී ලෙස ඇය පුවත්පතට පවසා තිබිණි.
එම විශේෂාංග සබැඳිය පහතින්,

https://www.silumina.lk/2024/12/14/news-features/31457/%e0%b7%83%e0%b7%92%e0%b6%ba%e0%b7%80%e0%b7%83-%e0%b6%b4%e0%b7%94%e0%b6%bb%e0%b6%b1-%e0%b6%9c%e0%b7%94%e0%b7%80%e0%b6%b1%e0%b7%8a-%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%92%e0%b6%ba/

 

Back to top
Go to bottom