lan englan tam

පුවත්

'බුදු වෙන්න මගෙ පුතේ'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'ගෞතම බුද්ධ මාතා' යනු මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පසුගිය 10 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹූ චිත්‍රපටයයි.

'උත්තරීතර මාතෘත්වයේ ප්‍රතිමූර්තිය - ගෞතම බුද්ධ මාතා' චිත්‍රපටය තුළ කතා තේමාව වන්නේ බුදුන් වහන්සේ රැක බලාගත් මව ලෙස හඳුන්වන ප්‍රජාපතී ගෝතමී දේවියගේ කතාවයි.
බුදුන් වහන්සේට සිද්ධාර්ථ කුමරුන් ලෙස උපත දෙන මහාමායා දේවිය කුමරුන් ඉපදී දින හතකදී කළුරිය කරන අතර සිදුහත් කුමරුන් සිය පුත් තනතුරේ තබා රැක බලාගන්නේ මෙකී ප්‍රජාපති ගෝතමී දේවියයි. මහා ප්‍රජාපති තෙරණිය වන උන්වහන්සේගේ කතා පුවත 'ගෞතම බුද්ධ මාතා' චිත්‍රපටයෙන් නැරඹිය හැකිය.
චිත්‍රපටයේ ප්‍රජාපති දේවිය මුල් කොට එක් කළ චිත්‍රපටයේ ගීතය වන්නේ 'බුදු වෙන්න මගෙ පුතේ' ගීතයයි.
කාංචනා අනුරාධි ගයන ගීතයේ පද රචනාව මහාචාර්ය සුනිල් ආරියරත්නගෙනි. සංගීත නිර්මාණය රෝහණ වීරසිංහගෙනි.

Back to top
Go to bottom