lan englan tam

පුවත්

ලයිස්තුවෙ 19 වුණ නිසා පාර්ලිමේන්තු ගියේ නෑ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චමිලා පීරිස් යනු සිය වෘත්තීය වන රංගනයේදී බෙහෙවින් කුසලතා දක්වන නිළියක වන අතරම බොහෝ විට සමාජීය කාරණාවලදීද සක්‍රීයව මැදිහත් වන කලා ශිල්පිනියකි.

පසුගිය මහ මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට දායක වූ ඇය පාර්ලිමේන්තු යාමේ කඩ ඉමේ ඉතා ආසන්නයට පැමිණියාය. මෙවර Mirror Arts යූටියුබ් සංවාදයට එක් වන්නේ චමිලා පීරිස් වේ.
ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ඇති සම්බන්ධය සිය සංවාදයේදී හෙළි කරන ඇය "රාජ්‍ය සේවය නම් වෙනස් වෙන්න ඕනේ. එයට සහකම්පනයක් ඇති මිනිස්සු එන්න ඕනේ." යැයි පවසන්නීය.
සමාජයට හානිදායක යැයි දැනුණ මිතුරන්ගෙන් පවා තමන් ඉවත් වූ බව පවසන චමිලා - දේශපාලන එකඟතාවය පවුල් ජීවිතයට, මිත්‍රත්වයට, නෑදෑකම් පැවැත්වීමටද ඉතා වැදගත් බවද අවධාරණය කරන්නීය.
"මගේ දරුවා වගේම සියලු දරුවෝ අඳින්න ඕනේ, කන්න බොන්න ඕනේ, ඉගෙනගන්න ඕනේ. මේකෙනුත් බැරි වුණොතින් වැඩක් නෑ, කියලා මම හිතනවා. 'චැනල්' අයිතිකාරයාගේ අදහස තමයි අපිට එයින් පේන්නේ." යනුවෙන්ද ඇය සඳහන් කරන්නීය.
මනෝහාරි හේවාවසම් සමග චමිලා පීරිස් සහභාගි වන Mirror Arts සංවාදය සෙනසුරාදා සවස 07ට විකාශය වේ.

Back to top
Go to bottom