වසර ගණනක් පුරා සයිබර් අවකාශයේ ඇසූ පිරූ සංසරණය වූ කුතුහලය දැනවූ නමක්. එක අදහසක් නැති එහෙමත් නැත්නම් බොහෝ අදහස් ඇති තේරුම තියෙන මේ චිත්‍රපටය තව නොබෝ දිනකින් මෙම මස අග ලාංකීය ප්‍රේක්ෂකාගාරය වැළඳ ගැනීමට සූදානම්.
කලණ ගුණසේකර, ඊට අමතරව ලක්ෂ්මන් මෙන්ඩිස්, වීනා ජයකොඩි, දමිතා අබේරත්න, සමනලී ෆොන්සේකා, ඩී.බී ගංගොඩතැන්න, නිල්මිණි බුවනෙක, ප්‍රසාදිනී අතපත්තු, ගීතා අලහකෝන්, රජිත හේවාතන්ත්‍රීගේ, ඔමාලි රාධිකා, සුලෝචනා විතානාරච්චි, රංගනයෙන් නියුතු වනවා.
චින්තක සෝමකීර්ති සිනමා ඡායාරූපකරණයෙන් , සසික රුවන් මාරසිංහ ශබ්ද සංයෝජනයෙන් සහ චිත්‍රාල් සෝමපාල සංගීත නිර්මාණකරණයෙන් දායක වන මෙහි රචනය සහ අධ්‍යක්ෂණය මාලක දේවප්‍රිය.
එය කොළඹ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ ඉදිරිපත් කිරීමක්.
තිරගත වීමට පෙර එය ප්‍රධාන සම්මාන ගණනාවකින් පිදුම් ලබා තිබෙනවා
# 5 වැනි දෙරණ සිනමා සම්මාන උළෙල හෙට දවසේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය.
# ජර්මනියේ බෙස්ටෙලර් ඉන්ඩිපෙන්ඩන්ට් සම්මාන උළෙල හොඳම ස්වාධීන චිත්‍රපටියට හිමි සම්මානය.
# සරසවිය සම්මාන 34 වැනි උළෙලේ හොඳම කුළුඳුල් චිත්‍රපටය ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් ජූරි සම්මානය.
# 8 වැනි සාර්ක් චිත්‍රපට උළෙල හොඳම අධ්‍යක්ෂණය සඳහා වූ විශේෂ ජූරි සම්මානය හා
# 8 වැනි සාර්ක් චිත්‍රපට උළෙල හොඳම ශබ්ද නිර්මාණ සඳහා වූ සම්මානය.
# 40 වන මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල NETPAC තරඟාවලියේ සඳහා තේරීපත් වීම.
පහතින් දැක්වෙන්නේ කාව්‍ය රචක මංජුල වෙඩිවර්ධන ‘බහුචිතවාදියා’ චිත්‍රපටය පිළිබඳව තැබූ කෙටි සටහනකි.
බහුචිතවාදියා,
සමකාලීන ආදරය පිළිබඳ අර්බුදයේ ප්‍රකාශනයක්...
සමකාලීන සමාජය පිළිබඳ අර්බුදයේ ප්‍රකාශනයක්...
සමකාලීන ජීවිතය පිළිබඳ අර්බුදයේ ප්‍රකාශනයක්...
බහුචිතවාදියා වූ කලි "නෙළුම් කුළුණ" යට තමන්ටම හිනාවුණු ඔබට, ඔබ පිළිබඳව ම වූ පරිභෝජනවාදී යථාර්ථය පෙන්වන කැටපතක්.
- මංජුල වෙඩිවර්ධන-