lan englan tam

පුවත්

යොවුන් සාහිත්‍ය ගැන කතා කරන්න දවසක් 'YA Literature day' (මැයි 03)!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙවර, The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ වෙන්වන්නේ යොවුන් සාහිත්‍යය වෙනුවෙනි.

2025 මැයි මස 03 වෙනි සෙනසුරාදා, පෙ.ව. 10 සිට පැවැත්වෙන මෙම YA Literature Day සඳහා සහභාගී වන්නට, ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්න ඔබටත් පුළුවන්.

තැන හරියටම බලාගන්න පහත Google Map යොමුවෙන්:

https://goo.gl/maps/2EiZn1NbvFvusYEW7

ළහිරු කිතලගම, නිබන්ධිකා වන්නිනායක, චතුරි දමයන්ති, අනුරසිරි හෙට්ටිගේ සහ පැතුම් පුංචිහේවා එදින අදහස් දැක්වීමෙන් සම්බන්ධ වෙනවා.

සාකච්ඡාව මෙහෙයවන්නේ සංදීපනී කරුණානායක විසින්.

එදින ඔබට මේ කතුවරුන්ගේ 'චුට්ටා', 'කොළ පාට ඉස්කෝලෙ', 'ඇහැළ මලට දම්පාටක්' සහ 'බන්ටෙකේ ළමයි' කෘතීන් ද අත්සන් සහිතව 10% ක වට්ටමක් සමඟ මිලදීගත හැකියි.

යොවුන් සාහිත්‍ය ගැන විමසන්න, කතාකරන්න, කතුවර කතුවරියන් මුණගැසී සුන්දර සංස්කෘතික හෝරා කිහිපයක් ගතකරන්න, මැයි 03 වැනි සෙනසුරාදා උදේ 10 ට ගම්පහ ආසියානු සාහිත්‍ය නිවහනට පැමිනෙන ලෙස සංවිධායක මණ්ඩලය ඔබට ආරාධනා කර සිටිනවා.

මෙය සංවිධානය කරන්නේ The Asian Review Sinhala විසින්.

ඇතුළු වීම සම්පූර්ණයෙන්ම නොමිලේ.

වැඩි විස්තර - 077 - 556 4255

https://web.facebook.com/share/v/1HqMJ6CLZv/

Back to top
Go to bottom