චමින්ද ඉලුක්වෙල විසින් අධ්‍යක්ෂණය කළ ඔහුගේ නවතම සිනමා නිර්මාණය තමයි ‘මාගම් සෝලි’ කියන්නේ.
මේ චිත්‍රපටය ළගදීම තිරගත කිරීමට සූදානම් බව තමයි වාර්තා වෙන්නේ.
මෙම චිත්‍රපටයට ප්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු, දිල්හානි ඒකනායක, ක්ලීටස් මෙන්ඩිස්, ජගත් බෙනරගම, නලීන් ප්‍රදීප් උඩුවෙල, සුලෝ හරපත්දෙනිය වැනි රංගන ශිල්පීන් රැසකගේ රංගනයෙන් හැඩ වනවා.
"පෙන්නන දේ විශ්වාස කරන සමාජයක්,
ජීවිතය දිගේ මග සොයා යන තරුණ කාන්තාවක්,
පුතුගේ ගෞරවය රකින්නට වෙහෙසෙන දිරිය මවක්,
මාගම්සෝලි නිසා සසර මග දිගු කරගත් තරුණ භික්ෂුවක්..."
වැනි තේමා රැසක් ඔස්සේ මෙම චිත්‍රපටය ඉදිරියට ගලා යනවා.
මාගම් සෝලි චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ චන්ද්‍රම් රත්නම්, නීටා ප්‍රනාන්දු, මර්වින් ඉන්ද්‍රජිත් පෙරේරා සහ චමින්ද ඉලුක්වෙල යි.
මෙය, ILUK Cinema Entertainment ඉදිරිපත් කිරීමක්.
පහතින් දක්වා තිබෙන්නේ එහි දර්ශන තලයෙන් ලබා ගත් ඡායාරූප කිහිපයක්.