ඉන්දියානු මලයාලම් සිනමාව තුළ ප්‍රධානතම සිනමාකරුවෙකු වූ සාජි එන්.කරූන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු අධයක්ෂණය කළ "පිරවි" (1988), "ස්වහම්" (1994), "වනප්‍රස්තම්" (1999) සහ "කුට්ටි ස්‍රාන්ක්" (2009) වැනි චිත්‍රපට ඉන්දියාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද බොහෝ ඇගයීමට පාත්‍ර වූවා.
ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වූ "පිරවි" 1989 කෑන්ස් චිත්‍රපට උළෙලේදී කැමරා ඩි'ඕර් - මෙන්ෂන් ඩි'හොනර් සම්මානය දිනා ගනු ලැබුවා.
මෙම "පිරවි" චිත්‍රපටය එකළ ශ්‍රී ලංකාව තුළ ද බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වූ නිර්මාණයක්.
එමෙන්ම ශ්‍රී ලාංකික සිනාමාකරුවන්ට ද ඔහුගේ නිර්මාණ වලින් ලැබූනු අභාෂය බොහොමයි.
අසනීප තත්වයක් හේතුවෙන් (2025.04.28) දින තිරුවානන්තපුරම් හි පිහිටි සිය නිවසේදී ඔහු දිවි ගමන නිම කරන විට ඔහු 73 වන වියේ පසුවූවා
පහතින් දැක්වෙන්නේ සාජි එන්.කරූන් පිළිබඳව සටහනකි.
(උපුටා ගැනීම)
"සාජි එන්. කරූන් නම් වූ චලන චිත්‍රය නිහඬ වෙයි.
1952 ජනවාරි 01 දා ඉන්දියාවේ, කේරළ ප්‍රාන්තයේ කොල්ලම් හි උපත ලබන සාජි නීලකාන්තන් කරුණාකරන් සිනමාකරුවෙකු ලෙස ප්‍රකට වන්නේ සාජි එන්. කරුන් ලෙසට.
කේරළ සිනමාවෙන් ඉන්දියානු සිනමාවට දායාද වන ඔහු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සහ කැමරා ශිල්පියෙක් ලෙසට වඩාත් ප්‍රකට වන්නේ ඔහුගේ මංගල චිත්‍රපටය වන "පිරවි" (1988) චිත්‍රපටය තුළින්. එය 1989 කෑන්ස් චිත්‍රපට උළෙලේදී කැමරා ඩි'ඕර් - මෙන්ෂන් ඩි'හොනර් සම්මානය දිනා ගනු ලබනවා.
ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රසන්න විතානගේ ගේ "පුරහඳ කළුවර" චිත්‍රපටය සඳහා ද පිරවි චිත්‍රපටය යම් බලපෑමක් කළ බව වරෙක ප්‍රසන්න ප්‍රකාශ කර තිබුණා.
ඔහු ඉන්දියාවේ චිත්‍රපට සහ රූපවාහිනිය සඳහා වූ පළමු ඇකඩමිය වන කේරළ ප්‍රාන්ත චලන චිත්‍ර ඇකඩමියේ මංගල සභාපතිවරයා වූ අතර 1998 සිට 2001 දක්වා ජාත්‍යන්තර කේරළ චිත්‍රපට උළෙලේ (IFFK) විධායක සභාපතිවරයා ද ලෙස කටයුතු කලා.
ඔහු වඩාත් ප්‍රසිද්ධ වන්නේ "පිරවි" (1988), "ස්වහම්" (1994), "වනප්‍රස්තම්" (1999) සහ "කුට්ටි ස්‍රාන්ක්" (2009) යන සම්මානලාභී චිත්‍රපට සඳහා. ඔහුගේ මංගල චිත්‍රපටය වන පිරවි සඳහා හොඳම අධ්‍යක්ෂවරයා සඳහා ජාතික සම්මානය දිනා ගත්තා. ස්වහම් සහ වනප්‍රස්තම් යන චිත්‍රපට සඳහා හොඳම අධ්‍යක්ෂවරයා සඳහා කේරළ ප්‍රාන්ත චිත්‍රපට සම්මාන දෙකක් ද ඔහු දිනා ගනු ලැබුවා. ඔහු 2022 සිට 2024 දක්වා කේරළ ප්‍රාන්ත චිත්‍රපට සංවර්ධන සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.
සාජි එන්. කරුන් 2025 අප්‍රේල් 28 වන දින වයස අවුරුදු 73 දී තිරුවානන්තපුරම් හි ඔහුගේ නිවසේදී සිය දිවි සැරිය නිමාකරනවා."