lan englan tam

විශේෂාංග

ආසියාවෙන් පාප් වහන්සේ කෙනෙක් ? – 'Conclave' (movie)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
සමස්ත ලෝකවාසී කිතුණු භක්තිකයන්ගේ ආධ්යාත්මික නායකයා වූද දෙවියන්වහන්සේගේ නියෝජිතයා වූද ශුද්ධෝතම ෆ්රැන්සිස් පාප් වහන්සේ ඉකුත් 21 වැනිදා දෙවි මව් තුරුලට ගියහ.
දැන් එම ලෝකවාසී කිතුණු ජනතාව වෙනුවෙන් නව පාප් වහන්සේ කෙනෙකු තෝරාගත යුතුව තිබෙි.
 
මෙම සිදුවීම අප ගිය වසරේ තිරගත වූ 'Conclave' හොලිවුඩි චිත්රපටය හරහා දුටුවෙමු.
මේ දිනවල පාප් වහන්සේගේ අභාවයත් සමඟ යළිත් 'කොන්ක්ලේවි' චිත්රපටය කරළියට පැමිණ තිබෙි.
සිනමාව හරහා හසු කරගන්නේ යථාර්ථයයි. අනාගතය විනිවිදව දැකිය හැකිය. නව පාප්⁣වරයෙකු තෝරා පත් කර ගැනීම අතිශයින්ම දේශපාලනික කරතව්යයකි. එනයින් බලනවිට 'කොන්ක්ලේව්' ආගමික කතා තේමාවක් සහිත දේශපාලනික චිත්රපටයක් ලෙස හැඳින්වීම උචිත වෙි. වතිකානුවේ රාජ්ය නායකයා නොහොත් පාප්වහන්සේ පත් කර ගැනීමෙි සමුළුවක් පිළිබඳ 'කොන්⁣ක්ලේවි' චිත්රපටයේ කියැවෙයි.
ph 17315891736735f435296eb
 
චිත්රපටයේ කාල අවකාශය බවට පත්වන්නේ වතිකානු රාජ්යයයි. වතිකානුව භූගෝලීයව පිහිටීම සිතියමි ගතවනුයේ ඉතාලියේ රෝම අගනුවර තුළ ය.
ක්රිස්තියානි ආගම අදහන බැතිමතුන්ගේ ආධ්යාත්මික නායකයා වන ශුද්ධෝත්තම පාප්වහන්සේ අනපේක්ෂිත ලෙස හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්රාප්ත වෙයි. පාප් ධූරය හිස් වෙයි.
ලොව පුරා පිහිටි රටවල්වල සිටින කාදිනල්වරුන්ගේ බහුතර ජන්දයෙන් නව පාප්වහන්සේකෙනෙකු තෝරාපත් කරගත යුතුව තිබෙි. මෙම භාරදුර කරතව්යය සිදු කළ යුත්තේ සිස්ටයින් දෙවිමැදුරේ පීඨාධිපතිවන කාදිනල් තෝමස් ලෝරන්ස් ය.
 
conclave 080724 3 0cce0da48a774f2bb33ac5bbf3e68d3e 1 
අභිනව පාප් ධුරය සඳහා යුරෝපය, ආසියාව, දකුණු ඇමරිකාව සහ අප්රිකාව ආදී කලාපවලින් කාදිනල්වරු කිහිපදෙනකු තරඟ කරති. ඒක ජන්දයෙන් පාප්වහන්සේ කෙනෙකු තෝරා ගන්නට අසීරු ය. වට ගණනාවකදි කිසිදු කාදිනල්වරයෙකු බහුතරට ලබා ගැනීමට නොහැකි වෙයි.
එතරමට මැතිවරණය තරඟකාරී වෙති. මැතිවරණය සංවිධානය කරන කාදිනල් තෝමස්ගේ හිස ගිනියමි වෙයි. පාප් ධූරයට තරඟ කරන කිසිදු කාදිනල්වරයෙකු පිරිසිදු චෙිතනාවකින් හෝ පවිත්ර ජීවිතයක් ඇති අය නොවෙි.
ඊට චිත්රපටයේ එන එක් නිදර්ශනයකි මෙි.
"මේක යුද්ධයක්...හැම කාදිනල්වරයෙක්ටම පාප් පදවිය දරන්න ආසාවක් තියෙනවා. " කාදිනල් බෙලීනිගේගේ ඇස් දිලිසුණේ උතුමි පාප් පදවිය දැරීමෙි තදබල තෘෂ්ණාවෙනි.
''හැබැයි මට එහෙම නෑ'' කාදිනල් ලෝරන්ස් පැවසුවේ සැහැල්ලු ස්වරයෙනි.
10172024 Movie Conclave 193304
 
තෘෂ්ණාව උතුරා යන නිමෙිෂයකි. ඇතැමි කාදිනල්වරුන්ට ලිංගික අපචාර චෝදනා තිබෙි. ඇතැමි කාදිනල්වරුන්ට වංචා, දූෂණ පිළිබඳ චෝදනා තිබෙි. ඇතැමි කාදිනල්වරු දැඩි සේ අන්තගාමී වෙති.
දූෂණය, අන්තගාමීබව පිටුදකින කාදිනල් තෝමස්ට අවශ්ය වන්නේ කිසිදු චෝදනාවක් නොමැති ආධ්යාත්මික ශක්තියෙන් පරිපූර්ණ පවිත්ර සිතුවිලිවලින් යුතු පාප්වහන්සේකෙනෙකු පත්වනවා දැකීමයි.
2016 වසරේදී 'රොබටි හැරිස්' නමි ඇමරිකානු ලේඛකයා විසින් රචනා කරන ලද 'Conclave' නවකතාව චිත්රපටයට පදනමි වූ කෘතියයි.
'Conclave' චිත්රපටය අධ්යක්ෂණය කර ඇත්තේ 'එඩිවඩ් බර්ගර්' විසින්.
 
ඔහු 2022 වසරේදී තිරගත වූ 'All Quiet on the Western Front' නමැති සමිමානනීය යුධ චිත්රපටය අධ්යක්ෂණය කරමින් මහත් අවධානයක් දිනා ගත්තේ ය. එඩ්වඩ් බර්ගර් විසින් අධ්යක්ෂණය කළ නවතම චිත්රපටය ලෙස 'Conclave' විචාරකයන්ගේ බොහෝ පැසසුම් හිමිවිය.
ජාතික සමාලෝචන මණ්ඩලය සහ ඇමරිකානු චිත්රපට ආයතනය විසින් 2024 වසරට අදාළව තිරගත වූ හොඳම චිත්රපට දහයෙන් එකක් ලෙස නම් කරන ලද 'Conclave' චිත්රපටය 'ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල' සඳහා නිර්දේශ හයක් ලබා ගත් අතර එහිදි හොඳම තිර රචනය (Best Screenplay) සඳහා හිමි සමිමානය දිනා ගත්තේය.
මාර්තු මස 2වැනිදා පැවැත්වුණු ලෝක සිනමාවෙි අග්රගණ්යම සිනමා උළෙල සේ සැළකෙන 97වැනි ඔස්කාර් සමිමාන උළෙලේදී 'Conclave' හොඳම චිත්රපටය, හොඳම නළුවා, හොඳම සහය නිළිය, හොඳම පසුතල නිර්මාණය, හොඳම අනුවර්තිත තිරරචනය, හොඳම පසුබිමි සංගීතය, හොඳම ඇඳුමි නිර්මාණය, හොඳම සංස්කරණය ඇතුළුව සමිමාන අටක් සඳහා නිර්දේශ විය.
එමෙන්ම 30 වැනි විචාරක තේරීම් සිනමා සම්මාන (Critics' Choice Movie Awards) උළෙලේ ප්රමුඛ නාමයෝජනා එකොළහක් ද මෙි වනවිට නිර්දේශ වී තිබෙි.
චිත්රපටයේ ප්රධාන චරිතය වන කාදිනල් තෝමස් ලෝරන්ස් වෙනුවෙන් පණපොවන්නේ හොලිවුඩයේ සමිමානනීය නළුවකු වන 'රැල්ෆ් ෆයින්ස්' විසිනි. ඔහු මෙම චිත්රපටය වෙනුවෙන් සිදු කරන දැඩි සංයමයකින් යුතුව සිදු කරන අද්විතීය රඟපෑම ප්රේක්ෂකයාගේ වඩාත් අවධානයට ලක්වන්නකි.
conclave
චිත්රපටයේ පසුබිමි සංගීතය සඳහා යොදා ඇති කෙටි වයලීන් වාදනය විසින් සමුළුවෙි ඇති කුමන්ත්රණකාරීබව සහ අවුල්කාරීබව ඉස්මතු කරයි.
 
කැමරා අධ්යක්ෂණය යටතේ ගොඩනඟන සමීප රූප සහ දුර රූප විසින් චරිත වෙත පල්ලිය විසින් අත්කර දී ඇති ආධිපත්යය සංකේතවත් කරයි.
සමුළුව ඇරඹෙන්නට පෙර කාදිනල්වරු පල්ලියේ තැන තැන එක්රැස්ව කතාබහ යෙදෙන දර්ශන, ඇතැමි කාදිනල්වරු දුමිවැටි බොමින් සිටින දර්ශනද, ජංගම දුරකථනයේ කාලය ගෙවා දමන දර්ශන ද සමෝධානිතව සංස්කරණය වෙයි.
විසල් බිත්ති මත තෙල්සායමින් ඇඳි කිතුණු කතා තේමාවන් රැගත් බිතු සිතුවමිවල ඇති දේව රූප රහසිගත ජන්ද විමසීම දෙස බලා සිටීහ පිළිබඳ ප්රබල උත්ප්රාසයයක් ජනිත කරන්නට සමත් වෙි.
බිතුසිතුවම්වල ඇඳී අජීවි රූපවල සමීප රූප මොවුන්ගේ මෙම රහසිගත ක්රියාදාමය වෙත සංස්කරණය වෙයි.
රූප සංවිධානය හෙවත් මිසෝන් සේන් ශිල්ප ක්රමය චිත්රප⁣ටයේ කතාව සහ සිදුවීමි දාමයේ විශ්වසනීයත්වය ඇති කරන්නට සමත් වී ඇත.
සිනමාත්මක චිත්රපටයක් ලෙස පෝෂණයවන්නට ආලෝකකරණය, වස්ත්රාභරණ, පසුතල නිර්මාණය යන අංශ චිත්රපටයේ කැපී පෙනෙන අංශ වෙති. ආලෝකකරණයේ තීව්ර බවට නිදර්ශනයක් ලෙස පල්ලිය අභ්යන්තරයේ ශාලාවක පැවැත්වෙන මෙම මැතිවරණයේ අතිශය රහසිගත බව පෙන්වන්නේ කුඩා කවුළුවක් හරහා ශාලාව තුළට කා වදින කුඩා ආලෝක ධාරාවක් යටතේයි.
චිත්රපටයේ අපුරු සංකේතයක් ප්රේක්ෂකයා වෙත සමිමුඛ වෙයි. ඒ පල්ලිය තුළ ඇවිදින ඉබිබාගේ රූපයයි. පාප්වහන්සේගේ තෝරාගැනීම නිල වශයෙන් ප්රකාශයට පත් වූ පසුව කාදිනල් තෝමස්හට මෙම පල්ලියේ අතරමංව ඇවිදින ඉබිබා ඔසවාගෙන ගෙන ගොස් වතුර පිරී පොකුණට දමයි. ඉන් ජනිතවන අදහස කාදිනල් තෝමස් මනසේ රැඳුණු දෙවියන්වහන්සේගේ මනුෂ්ය ඒජන්ත වන පාප්වහන්සේවරයකු තේරීමෙි බර නිදහස්වීම පිළිබඳ අරුතයි.
අනාදිමත් කාලයක සිට ක්රිස්තියානි ආගම තුළ ප්රබල දේශපාලන අර්බුදයන් ගණනාවක් තිබෙි.
ප්රංශයේ ක්ලෙමන්ට්හි දෙවැනි අර්බන් පාප් වහන්සේ කුරුස යුද්ධ මාලාව ආරමිභ නොකළා නමි අද යුරෝපයක් කියා එකක් නොමැත. යුරෝපය යුරෝපයක් විදියට එක්සත්ව ගොඩ නැඟුණේ ලේ වගුරුවන ලද කුරුස යුද්ධ මාලාව නිසා ය.
කුරුස යුද්ධය හි අරමුණ වූයේ කතෝලිකයන්ගේ ශුද්ධ භුමිය වු ජෙරුසලම අත්පත් කර ගැනීම ය. පාප් වහන්සේ කෙතරමි බලවත්ද? යන්න කුරුස යුද්ධයට අණ දීම පවා සිදු කළේ ඔහු.
ජනප්රිය සංස්කෘතිය තුළ පාප්වහන්සේ යනු ලෝකයට දැඩි බලපෑමක් සිදුකිරීමට දැඩි ශක්යතාවයක් ඇති පුද්ගලයෙකි. පල්ලිය අතර පාප්වහන්සේ වීමට දරණ අපව්ත්ර චෙිතනාවලින් සමන්විත ක්රියාවන් පිළිබඳ චිත්රපටය විසින් ගොඩනඟන සියුමි කථිකාවත වැදගත් ය.
ලෝගුවෙන් වසාගත් ඊිනියා පුජක මණ්ඩලයේ වියවුල චිත්රපටය විසින් ප්රශ්නයට නඟයි. ආගමෙි පවිත්ර අදහස්වලට නූතන දේශපාලනික බල ලෝභී අදහස් ද පෙරට පැමිණ තිබෙන බව චිත්රපටය විසින් සංඥා කරයි.
පාප් ධූරය සඳහා කළු - සුදු වර්ණභේදවාදය ද බලපෑමි කරයි. කළුබව (Blackness) පාප්වහන්සේ තෝරා ගැනීමට ද දැඩිව බලපෑමි කිරීම චිත්රපටය විසින් ගොඩනඟන උපහාසය දනවනසුළු අවස්ථාවකි.
thumb Conclave Fontiane f5c70b845c
අප්රිකානු කලාපයෙන් කළු ජාතික කාදිනල්වරයකුට පාප්⁣වරයෙකු තේරීපත්වන්නට සමුළුවේ සුදු ජාතික කාදිනල්වරු අකැමැතිවන්නේ ඔවුන් සතු වර්ගවාදය සමිබන්ය දෘෂ්ටිවාදී අදහස් නිසාය.
සමුළුව සඳහා අප්රිකානු කලාපයේ පිහිටි නයිජීරියාවෙන් ඉදිරිපත් වන කළු ජාතික කාදිනල්වරයකු වන 'ඇඩයේමි' ලිංගික අපචාර චෝදනා ලැබ සිටින පුජකයෙකි. නමුත් කාදිනල් 'ඇඩයෙමි' පාප්වරයකු වීමට ඉතා ඉහළින් සිහින දකින්නෙකි. නමුත් ඔහු වෙත චෝදනා එල්ල කරමින් ඔහු වරදකාරී පුද්ගලයකුබවට පත්කරන්නට තැත් කරයි.
ආගමික යුද්ධය, පිරිසිදු ආධ්යාත්මයක් රහිත පුජකයන්ගේ තෘෂ්ණාධික බල අරගලය චිත්රපටයේ පෙරබිමින් සංඥා කරන දෑ වෙති.
'කොන්ක්ලේව්' යනු බුද්ධිමත් ප්රේක්ෂකාගාරයේ සිටින ප්රේක්ෂකයන් සඳහා වෙන් කළ දේව වරප්රසාදයක් වැන්න. බලය පිළිබඳ දැඩි අන්තගාමී සිතුවිලිවලින් ගහණ පූජක මණ්ඩලයක් ඇති කතෝලික පල්ලියේ අනාගතය සහ එහි අභ්යන්තර දේශපාලනය පිළිබඳ සූක්ෂම ගවේෂණය කරමින් දෘෂ්ටිවාදී කථිකාවතකට ප්රේක්ෂකයා තල්ලු කරන්නේ නිරායාසයෙන්මයි.
කර්තෘ - මලින්ත විතානගේ

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

476237625 2101514566935849 5297727973837240105 n
 
Back to top
Go to bottom