කලා භූෂණ රාජ්‍ය සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීමට වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ 200ක් සමත් වූහ.
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන කලාභුෂණ රාජ්‍ය සම්මාන උළෙලේදී මෙම අවස්ථාව කලාකරුවන්ට හිමි වී තිබිණි.
සම්මාන ප්රදානය බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණ අතර සාහිත්‍ය, සංගීතය, නාට්‍ය, නර්තනය, චිත්‍ර හා මූර්ති සහ සෙසු කලා අංශ යනාදී කලා ක්ෂේත්රවල කලාකරුවන් සම්මානයට ලක් විය.
සටහන් ඡායා මූලාශ්‍ර: නිශ්ශංක විජේරත්න