මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී වැඩිම අලෙවියක් වාර්තා කළ 'සීනි මුරුක්කු' කෘතියේ ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල අතුරුගිරිය පොලිසියට රැගෙන ගොස් ඔහුට ශාරීරිකව සහ මානසිකව පීඩා කර ඇති අතර ඔහුගේ බිරිඳ මාධවී වත්සලාටද අපහාසාත්මකව බැන වැදීමේ ප්‍රවෘත්තිය මීට පෙර උදෑසන මෙහි පළ කෙරිණි.
ඒ අනුව තමන්ට සහ සිය බිර්ඳටත් සිය පුතණුවන්ටත් සිදු වූ අගතියට එරෙහිව නීතිමය පියවර ගැනීමට කසුන් තීරණය කර තිබේ.
කසුන් පොලීසියේ රැඳී සිටි අවස්ථාවේ 'ජැක්සන් පොරක්ද'යි අසමින් පොලිසියේ ඇතැමුන් කටයුතු කළ බවත් සිදුවීම හේතුවෙන් තමන් හා බිරිඳ පමණක් නොව දින 18ක් වයසැති තම කිරි දරුවාද අපහසුතාවට පත් වූ බවත් සඳහන් කරමින් කසුන් සිය ෆේස්බුක් ගිණුමේ සිදුවීම සම්බන්ධයෙන් කරුණු පළ කර තිබිණි.
ඒ අනුව තමන් නීතිමය පියවර ගැනීමට පියවර ගැනීමට තීරණය කළ බව කසුන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.