lan englan tam

පුවත්

ෂූටින් නැති වෙලාවට රුවී නැන්දා එක්ක ෆොටෝ ගහනවා, ටික්ටොක් කරනවා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ස්වාධීන රූපවාහිනියේ මේ දිනවල විකාශය වන 'විසේකාරි' ටෙලිනාට්‍යයෙන් දකින්නට ලැබෙන මහාචාර්යවරයාගේ කුඩා දියනියට රඟපාන ළමා නිළි ඉතාරා බෝමන්දි මෙවර 'මව්බිබ - හද ගැස්ම' රුවින්දි අමරකෝන් සමග සාකච්ඡාවට එක්ව සිටියාය.

"දැන් පාසල් නිවාඩු කාලය නිසා අයියයි, මමයි සෙල්ලම් කරනවා. ඒ වගේම ටීචර් ගෙදරදී කරන්න කියපු ගෙදර වැඩත් කරනවා. මම අම්මලත් එක්ක අත්තම්මලාගේ ගෙදර යන්නත් හිතාගෙන ඉන්නවා. මම හැමදාම මගේ අම්මයි ගෙදර හැමෝමයි එක්ක රස රස කෑම හදලා කනවා. ඒ වගේම මම ෂූටින්වලටත් යනවා. අම්මටත් ෂූටින් තිබෙන නිසා අපි හැමෝටම දිග ට්‍රිප් එකක් යන්න ලැබෙන්නේ නෑ.
මේ නිවාඩු කාලයට මම හරිම කැමැතියි. ඒත් ඉතින් ස්කූල් එකේ යහළුවෝ මතක් වෙද්දී පාළුවක් දැනෙනවා. නත්තල් ගහත් අරගෙන ඔන්න අද ඉඳන් නත්තල් ගහ සරසන්න පටන් අරගත්තා. නත්තල් දවස ළං වෙනකම් මම බලන් ඉන්නේ නත්තල් සීයාගෙන් තෑගි ගන්න.
'විසේකාරී' ටෙලි නාට්‍යයේ මගේ චරිතයේ නම චානුකී. ඒ ටෙලි නාට්‍යයේ මගේ අම්මට ඉන්නේ රුවී නැන්දා. ඒ වගේම තාත්තාට ඉන්නේ අමිල මාමා. ඒ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දික ධර්මතිලක මාමා සහ නිෂ්පාදනය කරන්නේ ප්‍රභාත් රොෂාන් මාමා. රුවී නැන්දයි, අමිල මාමයි මම රඟපානකොට මට ගොඩක් උදවු කරනවා. එයාලා එක්ක ඉන්නකොට මට පාළුවක් දැනෙන්නේ නෑ.
ඉන්දික ධර්මතිලක මාමා, මම මොනවද කරන්න ඕනි කියලා මට ආදරයෙන් කියලා දෙනවා. විසේකාරි ටෙලි නාට්‍යයේ රඟපාන හැමෝම මට ගොඩක් ආදරෙයි.
ෂූටින් නැති වෙලාවට රුවී නැන්දා එක්ක මම ෆොටෝ ගහනවා, ටික්ටොක් කරනවා. දැන් ටෙලි නාට්‍යයේ මගේ ආච්චිත් ගෙදර ඇවිල්ලනේ ඉන්නෙ. ඉතින් මගෙත් එක්ක ඒ හැමෝම ආදරයෙන් සෙල්ලම් කරනවා. මගේ අක්කට ඉන්න රයිලි අක්කත් මට ගොඩක් උදවු කරනවා.
ෂූටින් නැති වෙලාවට අපි දෙන්නා ගොඩක් සෙල්ලම් කරනවා." යැයි ඇය පවසා තිබිණි.

Back to top
Go to bottom