lan englan tam

පුවත්

අඳින විදිහ නිසා වෙන්න ඕන බටහිර ආරේ චරිත ලැබෙන්නේ....

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නිලූෂි පවන්‍යා නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනිය මෙවර මව්බිම හදගැස්ම සමග කතාබහකට එක් වෙමින් සිය රංගන දායකත්වය ලබා දුන් 'ගෞතම බුද්ධ මාතා' චිත්‍රපටයේ චරිතය පිළිබඳව පවසා තිබිණි.

"රංගන දිවියේ ගොඩාක් කලාතුරකින් තමයි මෙහෙණියකගේ චරිතයක් කෙනකුට ලැබෙන්නේ. බොහෝ වෙලාවට විවිධාකාර චරිත අපට ලැබුණත් මෙහෙණියකගේ චරිතයක් ලැබෙන්නේ ඉතාමත් අල්ප වශයෙන්. ඉතින් මේ චරිතය ලැබීමට තරම් මම හරිම වාසනාවන්තයි කියලා හිතනවා. කෙනකුට එවැනි චරිතයක් කරන්න ලැබීමම භාග්‍යයක්. සිවුරක් හැඳගෙන, හිස මුඩු කිරීමට නොහැකි වුණත් ඒ චරිතය මම කළේ හරිම ආශාවෙන්. මම රංගන දායකත්වය ලබා දුන්න චරිත අතරින් මම කැමැතිම චරිතය තමයි ඒ. ජනපද කල්‍යාණියගේ චරිතයේ මහණ වන කොටසට තමයි මම ගොඩක්ම කැමැති. කවුරු හරි මගෙන් ඇහුවොත් මම කැමැති ලස්සනට හැඳ පැලඳගෙන ඉන්න ජනපද කල්‍යාණියගේ චරිතයේ කාලයටද, නැත්නම් සිවුර පොරවාගත් කාලයටද කියලා මම කියන්නේ ඇත්තටම සිවුර පොරවා ගත් කාලයට කියලා තමයි. බුද්ධ මාතා චිත්‍රපටය රිලීස් වීමේදී මම මගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ගොඩාක්ම ෂෙයාර් කළෙත් මම සිවුර හැඳපු කාලයේ ෆොටෝස්."
යනුවෙන් නිලූෂි පවසා තිබිණි.
"සමහර වෙලාවට අපි එක චරිතයක් කළාම ඒ වගේම චරිතවලට අපට කතා කරනවා. සමහර වෙලාවට අපි අඳින පලඳින විධියත් එක්ක ඒ දේ වෙන්නත් පුළුවන්. මට ගොඩක්ම ලැබුණේ බටහිර ආරයේ චරිත. ඇත්තටම මම හරිම අකැමැතියි ඒ විධියෙම චරිත මට ලැබෙනවාට. ගැමි චරිතයක් කරන්න මම හරිම ආසාවෙන් ඉන්නවා. එකම විධියේ චරිතයකට කොටුවීම වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනෑ. අධ්‍යක්ෂවරු හැමදාම අපිව එකම කෝණයකින් දැක්කොත් අපි එකම විධියේ චරිතවලට කොටු වෙනවා. එය දක්ෂතා සැඟවී යන අපරාධයක් කියලා තමයි මට දැනෙන්නේ." යනුවෙන්ද ඇය තමන්ට බටහිර ආරේ චරිත හිමි වීම පිළිබඳවද ප්‍රකාශ කර තිබිණි.

Back to top
Go to bottom