lan englan tam

පුවත්

රාණි දකිනකල් අපි සීරුවෙන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

රාණි | A film by legendary Asoka Handagama ✨️

2025 කියන්නෙ සිනමාලයෙන් ඔද්දල් වුණ හිත්වලට විශාල සැනසීමක්, වැඩි වින්දනයක් වගේම දැවැන්ත සුබවාදයක් අරන් එන අවුරුද්දක් බව ඉඳුරා ම කියන්න පුළුවන්. මේ තියෙන්නෙ ඒ සරු වසර අරඹන මුල්ම වෙඩි මුරයක් කියලා අපි දැනට බලාපොරොත්තු තියන් ඉන්නවා.
#රාණි කියන්නෙ තවත් එක චිත්‍රපටයක් විතරක් නෙවෙයි. දශක ගණනක සිය ගණනක් මිනිස්සුන්ගෙන් මහා පරිමාණ ඉවසීමක සහ අප්‍රතිහත ධෛර්යයක ප්‍රතිඵලයක්. ඒ වගේම මේ චිත්‍රපටය එක්ක, අපිට හිතන්නවත් බැරි තරම් කාලයක් අත නොහැර හුස්ම ගත්ත Swarna Mallawarachchi නැමැති අද්විතීය රංගනවේදිනිය යළිත් සිනමා ලෝක සිතියමේ අපිව සලකුණු කරන්නෙ මේ ඔස්සේ බවත් මට විශ්වාසයි.
දක්ෂයෝ සුදක්ෂයෝ ගොන්නක් එක් වෙලා, Lyca Productions Lanka අර්ත පතීත්වයෙන් නිර්මාණය වුණ මේ දැවැන්ත සිනමා අත්දැකීම විඳගන්න අපි දින ගැන්නේ සෑහෙන්න කාලයක ඉඳලා. ඒ දවස වෙනුවෙන් දැන් දැන් අපි ළං වෙනවා. ඊළඟ අවුරුද්ද සිනමාවට හරිම තරඟකාරී නිසාම, මේ වගේ චිත්‍රපටය මගහැරෙන්න නොදී පරිස්සම් කරගන්න එක අපේ යුතුකමක්. ඒ ජනාදර ගමන වෙනුවෙන් කල් තියා මේ චිත්‍රපට කණ්ඩායමට මගේ සුබ පැතුම් අරන් එනවා.
අවසන් වතාවට පරම සුබවාදය හුවාදක්වන්න ඕනේ. ඒ තමයි මේ චිත්‍රපටයේ පෝස්ටර ය. #රාණි කියන්නෙ මුල් ආරංචියේ ඉඳල'ම අපේ අවධානය අරගත්ත වැඩක්. මේ පෝස්ටරයෙන් පෙන්වන්නේ ඒ ගන්න අවධානය ප්‍රමිතිගතව පරිස්සම් කරන්න නිර්මාණ කණ්ඩායම දකින දුර ගැනයි. චිත්‍රපටයක ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කටයුත්ත හරියට කරගන්න දන්න අය තවම ඉන්නෙ ලංකාවට ම කීපදෙනෙක් විතරක් නිසා, ඒ අය එක්ක ප්‍රවීණ නවීන හැමෝම රොද බැඳෙන එක අපිට හොඳ සුබවාදයක් වගේම ආයෝජනයක්.
Movindu Fonseka මල්ලි මේ අති ඉස්තරම් පෝස්ටර් නිර්මාණයට, කලාවට සන්නාමය එක්ක ජනගත වෙන ශෛලියට වගේම පුංචි වයසකින් මේ දැවැන්ත සිනමාවේ අනන්‍යතාවක් ඇතුව ගොඩනගන සම්ප්‍රදායට මම හැමදාමත් වගේ මගේ ආදරය ඔයාට දන්වන්න කැමැතියි. මේ දැක්ම ඒ තරම් මට දැණුනා.
හොඳයි එහෙනම්, #රාණි දකිනකල් අපි සීරුවෙන් !

ආකාශ් තාරුක පෙරේරා

 

Back to top
Go to bottom

Popular News