ඒක ශාරුක් ආලියයි හිටිය ෆිල්ම් එකක්...
ආලියා කැමරා ශිල්පිනියක්.
ශාරුක් මනෝ වෛද්‍යවරයෙක්.
ආලියා එනවා ශාරුක් ලඟට ප්‍රතිකාර ගන්න.
ශාරුක්, ආලියාට දෙනවා ඇඩ්වයිස් එකක්.
"ඔයාට දේකට මුහුණ දෙන්න බැරි නම්, ඔයාට හිතනවා නම් ඔයා ශක්තිමත් නෑ කියලා... ඔයා ඒක අමාරුවෙන් කරන්න ඕන නෑ.. ඔයා ඒ දේට මුහුණ නොදි ඉන්න."
මං ඉස්සර හිතාන හිටියා මනසට වද දීලා අපි අමාරු දේ තමා කරන්න ඕන කියලා.. මේ ඇඩ්වයිස් එක අහපු දවසේ ඉදන් මට මුහුණ දෙන්න බැරි දේවල් වලට මං තිත තිබ්බා... මට දරාගන්න බැරි මිනිස්සුන්ට, මං අකැමැති ඔළුවට බර අරමුණු පස්සේ දුවන එක, මට බෑ කියලා හිතුණ හැමදේම අතැරියා... මං හිතනවා තව දුරටත් දරාගන්න අමාරු මානසිකව වද විදින්නට සිද්ද වෙන දේවල් වලට මුහුණ දෙන්න ඕන නෑ කියලා...අපිට පහසු අපිව අගය කරන පුංචි කවයක සැහැල්ලුවෙන් ජීවත් වුනාම හරි කියලා...
_තිසරණි නිර්මාණු_