මහේශ් මුණසිංහ අධ්යක්ෂණයෙන් සහ ප්රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු වන දිනේශ් මුතුගල විසින් නිෂ්පාදනය කරනු ලබන 'සූර්යා' චිත්රපටය නුදුරේදීම සිනමාශාලාවලදී නැරඹීමේ හැකියාව ලාංකික සිනමා ප්රේක්ෂකයින්ට ලැබෙනු ඇත.
උපකාරක පන්ති ගුරුවරයෙකු වන දිනේශ් මුතුගල සිනමා නිෂ්පාදනයට අවතීර්ණ වීම මෙහිදී අවධානය ගෙනෙන කාරණය වන අතර සාර්ථක ගුරුවරයකු මෙන්ම ශ්රී ලාංකේය සිනමාව තුළ සාර්ථක නිෂ්පාදකයකු වීමට අවස්ථාව 'මුතුගල සර්ට' හිමි වනු ඇතිද යන්න බොහෝ දෙනා බලා සිටින දෙයකි.
ජනිත් වික්රමගේ, දිල්හානි ඒකනායක, ලකී ඩයස් සහ නවක නළු නිළියන් රැසක් දායකත්වය දෙන සූර්යා චිත්රපටයේ මුහුරත් උලෙළ පසුගිය වසරේ ජනවාරියේදී පැවැත්විණි.
වෘත්තීමය මට්ටමින් ඉහළ තාක්ෂණ ශිල්පීන් චිත්රපටයේ සෑම අංශයක් සඳහාම සම්බන්ධ වන බව එහිදී කියැවුණු කාරණය වන අතර චිත්රපටයේ පූර්ව ප්රචාරක පටයද පසුගියදා නිකුත් කෙරිණි.
එම අවස්ථාවට සහභාගි වූ පාර්ශ්ව දැක්වූ අදහස් සිනමා නිශ්පාදක දිනේශ් මුතුගල විසින් පළ කරනු ලැබ තිබිණි.