lan englan tam

පුවත්

'ගොවි තාත්තා' බලාපොරොත්තුව ඵල දරයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'සමනල සංධ්වනිය' චිත්‍රපටයෙන් ගීත රසිකයින්ගේ සහ සිනමා රසිකයින්ගේ හදවත් තුළ ලැඟුම් ගත් සංගීතඥයා දර්ශන රුවන් දිසානායක විසින් අධ්‍යක්ෂණය කරන ලද 'ගොවි තාත්තා' (Father the Farmer) සිනමාපටය පිළිබඳ ශ්‍රී ලාංකික සිනමා ප්‍රේක්ෂකයන්ගේ සිනමා බලාපොරොත්තුව මේ මසදී මල්ඵල ගැනෙනු ඇත.

ශ්‍රී ලංකාවේ සංගීතඥයකු විසින් අධ්‍යක්ෂණය කරනු ලබන පළමු සිනමාපටය ලෙස සලකන ගොවි තාත්තා අදහස් පළ කරන සිනමා පාර්ශ්ව සඳහන් කරන්නේ එය ඉතා ඉහළ තත්ත්වයේ පවතින සිනමා නිර්මාණයක් වන බවයි.
'ගුරු ගීතය' සිනමාපටයෙන් පසුව යථාර්ථවාදී සිනමා ප්‍රේක්ෂකයාට උත්තේජනයක් සපයනු ඇති බව අපේක්ෂා කරන 'ගොවි තාත්තා' ප්‍රදර්ශනයට ඇතැමුන්ගේ විරෝධය කලකට පෙරදී එල්ල විය.
කාබනික වගාව අගයන ගොවි මහතකුගේ සැබෑ ජීවිත කතාවක් ඇසුරෙන් 'ගොවි තාත්තා' නිමවා ඇත.
ජගත් චමිල, හිමාලි සයුරංගි රංගනයෙන් දායක වන චිත්‍රපටයේ මාධ්‍ය හා විශේෂ දර්ශනයක් හා පසුගිය දින කොළඹ වන් ගෝල් ෆේස් පීවීආර් සිනමා ශාලාවේදී පැවැත්විණ.
'ආදරය අහිමි පොළොවට, ආදරය අරගෙන එන' තේමාව යටතේ ජාතික ආර්ථිකයට සහ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට යෝජනාවක් ලෙසද සැලකෙන චිත්‍රපටය සරත් බණ්ඩාර කොක්වැව විසින් නිෂ්පාදනය කරන ලද්දකි.

Back to top
Go to bottom