ශ්රී ලංකාවේ රැජිනියන් අතර පළමු රැජින වන අනුලා රැජිනගේ ජීවන කතාව ඇසුරෙන් 'දේවිය අනුලා' AI තාක්ෂණය ඔස්සේ සිනමා තිරයට ගෙන ඒමට නියමිත බව පැවසේ.
Cinematic Coyote විසින් මේ ඇසුරේ AI ටීසරයක් (ප්රචාරක පටයක්) ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ යුරේනි නොෂිකා අනුලා දේවියගේ චරිතය ඇසුරේ යොදා ගනිමිනි.
යුරේනිගේ රූප කාය, පෙනුම, බැල්ම වැනි සියල්ලක්ම අනුලා රැජිනගේ චරිතය ඇසුරේ ඇති ලක්ෂණ වෙනුවෙන් යොදාගෙන ඇති අතර එය යූටියුබ් ප්රේක්ෂකයින්ගේ බොහෝ ඇගයීමටද පැසසුමටද ලක් වී තිබේ.
ඉහළ පිරිවැයක නිර්මාණයක් පෙන්වන 'අනුලා දේවිය' අතිශය සාර්ථක චිත්රපටයක් වනු ඇතැයි යන්න බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවය.
බොහෝ දෙනෙකු නිර්මාණකරුවාටද සුබ පතා ඇත්තේ රජ කතා එපා වී ඇති මොහොතක මෙය මහත් කැමැත්තක් ඇති කළ නිර්මාණයක් ලෙසය.