ජාත්‍යන්තර ඡායාරූප කලා සම්මේලනය අනුමත විෂය නිර්දේශය පරිදි ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එකම ඡායාරූප ශිල්ප ඩිප්ලෝමා පාඨමාලාව සඳහා 2025 වසරට නවකයන් බඳවාගැනීමට දැන් අයදුම්පත් කැඳවා ඇත.
රාජ්‍ය පුණ්‍යායතනයක් සේම රජයේ ව්‍යවස්ථාපිත ආයතනයක්ද වන ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ මෙම තුන් අවුරුදු සති අන්ත ඩිප්ලෝමා පාඨමාලාව නොමිලයේ හැදෑරිය හැකිය.
ඡායාරූප පාඨමාලාවට අමතරව සාමාජික වරප්‍රසාද ලෙස ඡායාරූප සම්මන්ත්රණ, වැඩමුළු, චාරිකා යනාදියට සම්බන්ධ වීම, දෙස් විදෙස් ඡායාරූප ප්‍රදර්ශන හා තරගවලට ඉදිරිපත් වීම, ජාතික හා ජාත්‍යන්තර ඡායාරූප කලා ඇගැයීම්වලට පෙනී සිටීම, ඡායාරූප හා සිනමා රසවින්දන වැඩසටහන්වලට සම්බන්ධ වීම, ජාතික මට්ටමේ සමාජ සුබසාධන හා පුණ්‍ය කාර්යයන්ට දායකවීම ඇතුළු වැඩසටහන් ගණනාවක් මෙහි ක්‍රියාත්මක වේ.
අවශ්‍ය නම් පාඨමාලාවට සහභාගි නොවී සංගමයේ සාමාජිකත්වය පමණක් ලබාගෙන ඉහත සඳහන් කාර්යයන්ට සම්බන්ධවීමටද හැකියාව ඇත.
2025 වසර සඳහා සාමාජික අයදුම්පත් මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ යුතු අතර, www.npassrilanka.org වෙබ් අඩවියෙන් හෝ The National Photographic Art Society of SriLanka මුහුණු පොත ඔස්සේ අදාළ සබැඳි මඟින් උපදෙස් පත්‍රිකාව බාගත කරගැනීම සහ අයදුම්පත් සම්පූර්ණ කළ හැකි ය. මාර්ගගත ක්‍රමයට සාමාජික අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2025 ජනවාරි 31ය.