චාලක රණසූරිය විසින් රචනා කරනු ලැබ අධ්‍යක්ෂණය කරනු ලබන 'අටවන බුවනෙක' වේදිකා නාට්‍යයේ කටයුතු මේ වන විට අරඹා තිබේ.
කාලීන සමාජ දේශපාලන ක්රමයේ පවතින ව්‍යාකූලත්වය සහ අර්බුදකාරීබව ප්‍රහසනාත්මකව පෙන්නුම් කෙරෙන වේදිකා නාට්‍යය 2025 වසර මැදදී වේදිකාගත කිරීමට නියමිතය.
ජගත් චමිල, නයෝමි තක්ශිලා, අකලංක ප්‍රභාශ්වර, මනෝජා ෆර්ඩිනැන්ඩු රංගනයෙන් එක් වන නාට්‍යයේ සංගීතය ළහිරු මාදිවිලගෙනි.
අංග රචනය ශාලිත ගුණවර්ධන, වේදිකා පසුතල රංග කාරියවසම්, රංගාලෝකය සමන් මලලසේකර, වේදිකා පරිපාලනය බුද්ධික රණතුංග සමඟ යොමාල් චමුපතිගෙනි.
මීට පෙර ප්‍රේක්ෂක කැමැත්ත බෙහෙවින් ලැබූ 'සඳුදා වැටෙන්නෙ සිකුරාදාට' නාට්‍යයෙන් පසුව චාලක රණසූරියගේ නිර්මාණය 'අටවන බුවනෙක' වේ.