lan englan tam

පුවත්

දේශීය කථානාද සිනමාවේ 78 සැමරුම ඇරඹෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දේශීය කථානාද සිනමාවට මෙම වසරට වසර 78ක් සම්පූර්ණ වී තිබීම හේතුවෙන් පැවැත්වෙන බහු සංස්කෘතික සිනමා උළෙල ඊයේ (14) සිට ආරම්භ විය.

අංග සම්පුර්ණ සිනමා ශාලා පහසුකම් සමග විශිෂ්ට සිනමා කෘති 09ක් නොමිලයේ නැරඹීමට ඒ අනුව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව අවස්ථාව උදා කර දී තිබෙන අතර ඒ සඳහා පසුගිය සතියේ සංස්ථාවේ තරන්ගනී ශාලාවද විධිමත් ලෙස නවීකරණය කෙරිණි.
කථානාද සිනමාවට වසර 78ක් සපිරෙන විට ජාතික චිත්‍රපට සංස්ථාව සිය වසර 53 සැපිරීම සිදු කරයි.
ජනවාරි 14 - සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා, 15 - සංසාරේ දඩයක්කාරයා, 16 - The wild Goose Lake, 17 - Anatomy of a Fall, 18 - කෝමාලි කිංස්, 19 - Peepli, 27 - ගඟ අද්දර, 28 - Jigar Thanda, 29 - සාරවිට යනාදී සිනමා නිර්මාණ තිරගත කිරීමට කටයුතු යොදා තිබේ.
ජනවාරි 14 සිට 19 දක්වා සිනමාපට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ සවස 4.30ට සහ ජනවාරි 27 සිට 29 දක්වා චිත්‍රපට දළුගම සරසවි චිත්‍රාගාරයේදී සවස 4.30ට තිරගත කෙරේ.

Back to top
Go to bottom