මාධ්‍ය පිළිබඳ වරලත් ආයතනයක් ස්ථාපිත කිරීමට සඳහා පියවර ගනිමින් ආණ්ඩුව සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසා තිබේ.
මෙරට ජනමාධ්‍යවේදීන්ගේ මාධ්‍ය විෂය පිළිබඳව දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව උදා කරදීමට හා ජනමාධ්‍ය වෘත්තීයට වටිනාකමක් එක්කරදීමට මෙම ආයතනය පිහිටුවීම සඳහා යෝජනා කර ඇතැයි අමාත්‍යවයවරයා පවසන බව අද (21) දිනයේ ජාතික පුවත්පත් සමහරක් පළ කර තිබිණි.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ඉදිරි කටයුතු පිළිබඳව එම මණ්ඩලයේ නිලධාරීන් හා සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.