lan englan tam

පුවත්

ජගත් මනුවර්ණ කිව්වා 'මුකුත් වෙන්නෑ උඹ මැරෙනව' කියලා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'මතක පද' යූටියුබ් සංවාදයට මීට සති දෙකකට පෙර පැමිණි කලාකරුවා වූයේ ජෙනට් ඇන්තනිය.

කලා ලොව තුළ බොහෝ දුර ගමන් යනු ඇතැයි අපේක්ෂා කළ හැකි නළුවකු වන ජෙනට් ටෙලි තිරය මත දැකීම ආරම්භ වීමත් සමග කෙටි කලක් තුළදී ප්‍රේක්ෂක ජනාදරයට පත් වූ නළුවෙකි.
ගැමුණු වන්නිනායක විසින් මෙහෙයවනු ලබන මතක පද සංවාදයේදී ජෙනට් මෙසේ පවසයි.
"ජගත් අයියා ඒ දවස්වල හම්බ වෙනවා. ඔහුගේ ගෙදරට යන්න පාර කැපෙන්නේ ප්‍රදීප් අයියත් එක්ක. වැඩක් කරනවා, මුහුරත් උළෙලකුත් තිබ්බා කියලා ආරංචි වෙනවා. මට වැඩක් නෑ ඒත්. මාත් දැන් කතා කරයි, හෙට කතා කරයි කියලා බලන් ඉන්නවා. මම ඒ දවස්වල ක්ෂේවියර් අයියත් එක්ක ප්‍රනීත් චානක මුරමුදලිගේ 'පිටස්තරයා' නාට්‍යයේ වැඩ කරනවා. ඔය අතරේ පොඩි චරිතයකට මාව යෝජනා කරද්දි ජගත් අයියා කියලා තියෙනවා ඒක පොඩි චරිතයක්, ඒක මට හරි යන්නේ නැහැ කියලා. ඒත්, පස්සේ ජගත් අයියා කතා කළා. මගෙ චරිතේ මොකද වෙන්නේ අහපුවාම ජගත් අයියා මට කිව්වා, 'මුකුත් වෙන්නෑ නෑ උඹ මැරෙනවා' කියලා."
යනුවෙන් තමන් 'කොඩි ගහ යට' ටෙලිනාට්‍යයට සම්බන්ධ වූ ආකාරය ජෙනට් පවසයි.
"තාත්තා දමිළ කියන එකට මම ආස වෙන්නේ පොඩි කාලේ ඉඳන්ම මමයි මල්ලියි මුස්ලිම් මිනිස්සු ආශ්‍රය කළා. ඒ සහයෝගයට තමා ආස. ඒක පුදුම ආදරයක්."
යනුවෙන් පවසන ජෙනට් ඇන්තනි සිය ජීවිතය වඩා රසවත් වූ ආකාරය වැඩසටහනේදී විවෘතව පවසයි.

Back to top
Go to bottom