ගිරිරාජ් කෞෂල්‍යය ප්‍රවීණ රංගන සහ කලා ශිල්පියාගේ දෙවැනි සිනමා සිත්තම 'කාසි වාසි' අද (23) සිට සිනමාශාලා ප්‍රදර්ශනය අරඹයි.
'සිකුරු හතේ' චිත්‍රපටයේ නිර්මාණකරුවා වූ ගිරිරාජ් කෞෂල්‍ය මෙම සිනමාපටයේද තිරනාටක රචකයා මෙන්ම ප්‍රධාන චරිතයද රඟපාන අතර ගිරිරාජ් රෝගීව ගත කළ කාලයට පසුව මෙම නිර්මාණය එළිදැකීම ඔහුගේ රසිකත්වයට ත්‍යාගයක් බඳු වූ කාර්යයකි.
ගිරිරාජ් සමඟ සරත් කොතලාවල, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, ගිහාන් ප්‍රනාන්දු, සම්පත් ජයවීර, සංගීත් ප්‍රභූ, ලක්ෂ්මී දමයන්ති, අමන්ද්‍යා උත්පලී, නිරෝෂා තලගල ආදීන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙති.
මෙරට සිනමා ඉතිහාසයේ සියවසකට වැඩි අතීතයකට හිමිකම් කියන 'ඉම්පීරියල්' චිත්‍රපට සමාගම නිෂ්පාදන දායකත්වය දක්වන චිත්‍රපටයේ අධ්‍යක්ශවරයා වන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ය.
අමරබන්දු නම් අවමංගල උත්සව ව්‍යාපාරයක හිමිකරුවෙකු හැටියට ගිරිරාජ් මෙහි රඟපාන අතර අමරබන්දු වටා ගෙතෙන කතාව, උපහාසය, යථාර්ථය 'කාසි වාසි' ඔස්සේ නැරඹිය හැකිය.