lan englan tam

පුවත්

'යොවුන් රඟහල' තරුණ වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

යොවුන් රඟ­හල මඟින් ඉදි­රි­යේදී අධ්‍යා­ප­නික හා කලා අංශ සඳහා අවශ්‍ය පහ­සු­කම් දීමට කටයුතු කෙරෙනු ඇති.

යොවුන් රඟහල අයත් වන ජාතික තරුණ සේවා සභාවේ සභා­පති චින්තක හේවා­ප­ති­රණ මහතා මේ බව පවසයි.
ජාතික තරුණ සේවා සභාවේ සංකේතයක් ලෙස සැලකෙන මෙම ආයතනය වසර ගණනාවක් නිසි පරිදි නඩත්තු කටයුතු කර නොමැති අතර ඒ හේතුවෙන් ඉතාම අබලන් තත්ත්වයකට පත්ව තිබේ. යොවුන් රඟහල අධ්‍යාපනික වශයෙන් මෙන්ම කලා කටයුතුවලදී ක්ෂේත්‍රයේ සුපුරුදු නමක් රඳවමින් කටයුතු කළ ආයතනයකි.
නව රජයේ ප්‍රතිපත්තිය යටතේ සංස්කෘතිකවත්, නිවහල් තරුණයකු බිහි කිරීමටත් අවධානය යොමු කරමින් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට මෙම ප්‍රතිසංකරණ කටයුතු ඔස්සේ අපේක්ෂා කරයි.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා ඉංජිනේරුමය කාර්යයන් සඳහා උපදේශක කාර්යාංශය මෙහි කටයුතු සිදු කරන අතර ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා එහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා සහභාගි වෙමින්
යොවුන් රඟ­හල මඟින් ඉදි­රි­යේදී අධ්‍යා­ප­නික හා කලා අංශ සඳහා අවශ්‍ය පහ­සු­කම් සලසන බව ප්‍රකාශ කෙරිණි.
නවීන පහ­සු­ක­ම්ව­ලින් පරිපූර්ණ රඟ­හ­ලක් ලෙස යොවුන් රඟහල ඉදි කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Back to top
Go to bottom