ශ්‍රී ලංකාව තුළ වෙසෙන සියලු ජනවර්ගවල විශේෂත්වයන් කියා පාන සංස්කෘතික මංගල්‍යයක් ඔක්තොබරයේදී පැවැත්වීම සඳහා නම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා (31) වැල්වෙටිතුරෙයිහිදී පැවසීය.
එහි පැවති රැස්වීමක් අමත්මින් ජනාධිපතිවරයා පැවසුවේ
"දෙමළ, සිංහල, බෞද්ධ, කතෝලික, ඉස්ලාම් ඔක්කොම එකතුවෙලා සමරන දිනයක් අපි සැලසුම් කරලා තියෙනවා, ඔක්තෝබර් මාසයේ මේ සියලු ජනප්‍රජාවන්ගේ සංස්කෘතීන්, ආහාර රටා, ජීවන රටා, අඳින පළදින රටා, සංගීතය මේ ඔක්කොම එකතුකරලා ජාතියේ මහා මංගල්‍යයක් පවත්වන්න." බවය.
ජනාධිපතිවර්යාගේ මෙම ප්‍රකාශය ප්‍රායෝගිකව අඛණ්ඩව පැවැත්වෙන සංස්කෘතික මංගල්‍යයක් වන්නේ එම ප්‍රකාශයේ සුබවාදයක් ඇති බව පෙනෙන්නට තිබෙන අතර කලා ක්ෂේත්‍රය යැයි නම් කළද යුද්ධය නිසා බෙදී සිටි බව කියන සමාජයේ තවමත් කලාකරුවන් හැටියට හෝ ඒකරාශීවීමක් දක්නට නොමැත.
භාෂා අතින්ද තවමත් පොදු රස වින්දනයකට ශ්‍රී ලාංකිකයන් ගොනු වී නොමැති අතර ජනාධිපතිවරයා කී පරිදි සිදු වන්නේ එය කලා ක්ෂේත්‍රයට මහඟු අවස්ථාවක් වනු ඇත.