Harmony Center විසින් සංවිධානය කරන ලද සංගීතයයි – සංවාදයයි නිදහසයි' සංස්කෘතික වැඩසටහනේ හතරවැනි පියවර හෙට (04) ජාතික නිදහස් දිනයේදී සවස 07ට කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
නිදහස් දිනය නිමිත්තෙන් 'සංගීතයයි – සංවාදයයි – නිදහසයි' මැයෙන් නොමිලේ පැවැත්වෙන මේ සංස්කෘතික වැඩසටහනට නදීක ජයවර්ධන සමග ප්‍රවීණ සංගීත ශිල්පී රොඩ්නි වර්ණකුල ගායනයෙන් හා රංගනයෙන් දායක වෙති.
නදීකගේ ප්‍රමුඛත්වයෙන් No names collective සංගීත කණ්ඩායම විසීන් සංගීතය සපයනු ලබයි.
වැඩසටහන සඳහා එක්වීමට කැමති අය 0773772375 (මිලාන්) සහ 0112518706 දුරකතන අංකවලට අමතන ලෙස සංවිධායක පිරිස දැනුම් දෙති.