lan englan tam

පුවත්

අශාන් ඩයස්ට ලොකු විසිල් එකක්; රාණි නරඹමු!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
රාණි බලමූ !!!!

අද හවස වැල්ලවත්තේ සැවෝයි එකෙන් මම එළියට බැස්සේ Asoka Handagama තවත් සිනමා කාර්යක සාක්ෂිකාරයෙක් වෙන ගමන්.

30 වෙනිදා එළියට ආව "රාණි" බලලා එළියට එන ගමන් මට හිතුන දේ "හඳගමව දැන්වත් බහුතර සමාජේ භාරගනිද ?" කියන සිතුවිල්ලත් එක්ක. අක්ෂරය , මේ මගේ සඳයි වගේම දිය කැට පහනත් හදලා කුඩේ කුඩු වෙන්න සංස්කෘතික සමාජෙන් ගුටි කාපු හඳගම තාම ගේමේ නේද ඉන්නේ කියලා ඒ එක්කම හිතුනා. විශේෂයෙන්ම ඔහුගේ අසනීප තත්වයත් එක්ක මේවගේ වැඩක් අල්ලන් කරනවා කියන්නෙම මාර වැඩක්.
"රාණි" ගැන ලියන එක බලන්න ඉන්න උදවියටත් , බලලා තමන්ගේම අදහසක ඉන්න අයටත් කරන අසාධාරණයක් .එත් මට හොඳටම දැනුනු අවස්ථා තුනක් විතරක් යාන්තමින් මතක් කරන්නම්.
මනොරාණි සරවණමුත්තු සහ රිචර්ඩ් සිගගරට්ටුවක් පානය කරන අතර නිවසේ ඇතිවන සංවාදය :
කොළඹ Elite එක යැයි කියාගන්නා පවුලකින් ආ..මනෝරාණිට ඒ මොහොතේ ප්රේමදාසගේ වියවුල් පාලනයේ තිබුනු අසංස්කෘතික බව නොපෙනිම වගේම මේ සමාජ තලයේ හුන් බොහෝ දෙනෙක් දේශපාලනයට දැක්වු අසංවේදිත්වය දෙබස් කිහිපයකින් හඳගම ප්රේක්ෂකයාට දනවනවා. ඒවන් පවුලකින් පැමිණි රිචඩ් Black sheep of the family වෙමින් වෙනස් මඟක් ගමන් කිරිමට දරන තැත ඔහුගේ පෘතුගාල රැකියාව ප්රතික්ෂේප කිරිම තුළින් යළි සනාථ වෙනවා.
මංගල සහ මහින්ද පැමිණ වෛද්ය මනොරාණිව " මව්වරුන්ගේ පෙරමුණට " එක් කර ගැනිමට දරන තැත.
මෙතන මට මනොරාණිට වඩා ඉස්මතු වුනේ මංගලව . මහින්දයි ,මංගලයි ඇවිත් මනෝරාණිව "මව්වරුන්ගේ පෙරමුණට" පොළඹව ගන්න හදන වෙලාවේ Elite level එකට වැඩේ Pitch කරන්න ඕන විදියට සැලැස්ම හසුරවන්නේ මංගල. මහින්ද වැඩි වෙලාවක් කතා කරත් හැම අසීරු අවස්ථාවකම සුක්කානම අරගෙන වාහනෙ හරි පාරට දාලා ආපහු මහින්දට Play කරන්න දෙන්නේ මංගල. Dear darling කියලා වැඩේ පටන් ගන්න මංගල ,අන්තිමට නතර වෙන්නේ මණෝරාණිව වේදිකාව උඩට නග්ගලා.
සිගරට් දූම මැදින් ඩිප්ලොමැටික් ස්වරයට ඇහෙන මංගලගේ වොයිස් එක මතක් කරන්නේ මහින්දගේ දේශපාලන ජිවිතේ මඟහැරුනූ හොඳම හසුරවන්නනගේ ඛේදවාචකය. ( මං තාම හිතන්නේ 2007 මහින්ද මංගලව එලෙව්වේ නැත්නම් , මහින්දගේ දේශපාලන සිතියම වෙන තැනකට තල්ලූ වෙන්න තිබුනා කියලා )
Ashan Dias ට ලොකු විසිල් එකක්.
ප්රේමදාසගේ මරණයෙන් පස්සේ වෛද්ය මණෝරාණි සහ නිවසේ සේවකයා "කරු"අතර සංවාදය.
හඳගම හිතාමතාම , බොහෝම සූක්ෂමව , කරුව ගෙනත් ඉංග්රීසියෙන් හිතන ,ඉංග්රීසියෙන් කතා කරන ගෙදරක සේවකයෙක් කරන්නෙම , ලොකූ දේශපාලනික විවාදයකට ප්රේක්ෂකයා යොමු කරන්න.
සරලවම ප්රේමදාසගේ කුරිරු පාදඩ පාලනය මැද බොහෝ එජාප ග්රාමිය පාක්ෂිකයන්ගේ මනෝභාවය තේරුම් ගන්න කරු චරිතයට හොඳටම ප්රමාණවත්. දේශපාලනික ඝාතන අනුමත කරන සමාජයක් පස්සේ කාලෙක බිහිවෙන්නේත් "කරු"වගේ ජනතාවක් බිහිවුන නිසා වෙන්න පුලුවන්.
"ඒ රත්තරං මිනිහා මරාගත්තනේ .."කියලා කරුට කියවෙන්නේ එකල "ප්රේමදාස මහත්තයා " කියන නමට තිබුනු නොදියුණු ,ගෝත්රික වහල්භාවය නිසා.
මට මගේ අන්තිම මල් කළඹ Swarna Mallawarachchi නොදී බැරි වෙනවා . නිදහස්කාමී , ලිබරල් වෛද්ය මණෝරාණි චරිතයට මීට වඩා පණ පොවන්න කෙනෙක් හඳගමට උනත් හිතාගන්නවත් පුලුවන් උනාද කියන එක මට නම් සැකයක්.
"කඳුලු සැඟවු මව් සෙනෙහස.." වෛද්ය සරවණමුත්තූගෙ මරණයෙන් අවුරුදු 24 පස්සේ සැබෑවිම ම කලාවේ ජයග්රහණයක්.
පලි : වෙනදා නොදකින තරමේ පිරිසක් චිත්රපටය බලන්න ඇවිත් හිටියා. මට වම් පැත්තේ දමිළ තරුණයෝ පස්දෙනෙක් වාඩිවෙලා හිටියා.
.අශෝක හඳගම : මෙහෙයුම සාර්ථකයි !!
 
මනුජය තෙන්නකෝන්
2025-02-01
Back to top
Go to bottom