lan englan tam

පුවත්

මාතෘත්වයට පිදෙන -‘Mother Lanka’ ළගදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අනූෂ එදිරිමුණි විසින් අධ්‍යක්ෂණය කළ මදර් ලංකා (Mother Lanka) නවතම සිංහල චිත්‍රපටයේ සියලුම නිෂ්පාදන කටයුතු මේ වනවිට අවසන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ‘Mother Lanka’  චිත්‍රපටය එළඹෙන මැයි 09 වනදා සිට තිරගත වීමට නියමිතව තිබෙනවා.
 
මෙය, මාතෘත්වය, ක්‍රීඩාව යන සංකල්ප ඔස්සේ දිවෙන අපූරු කතා සංකල්පයකින් යුත් චිත්‍රපටයක්. 
 
තරින්දි ප්‍රනාන්දු සමඟින් බිමල් ජයකොඩි, ධනංජය සිරිවර්ධන, කළණ ගුණසේකර, සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක ඇතුලු ජනප්‍රිය නලු නිලියන් රැසක් මීට රංගනයෙන් එක්වනවා. 
 
එහි ප්‍රචාරක පටය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ද එලි දක්වා තිබෙනවා.
 
‘Mother Lanka’ සිනමාපටය ඉෂාන් පෙරේරාගේ නිෂ්පාදනයක් වන අතර ක්‍රිෂාන්ති කුලසූරියගේ තිර රචනයකි.
  

Back to top
Go to bottom