lan englan tam

පුවත්

මොකක්ද මේ “කොළඹ කමත 2025” කියන්නේ?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කමත කලා කේන්ද්‍රය විසින් සංවිධානය කරන වේදිකා නාට්‍ය උළෙලක් වන "කොළඹ කමත උළෙල”2025 මාර්තු 27,28,29,30 යන දිනවල BMICH හි පිහිටි කමත කලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

පහතින් දැක්වෙන්නේ මෙම උළෙලේ සංවිධායක කමිටුවේ Festival Curator ලෙස කටයුතු කරන බ්ම්සරා ප්‍රේමරත්න මහත්මිය විසින් මේ පිළිබඳව දැනුවත් කරමින් Face book හි තැබූ සටහනකි.
 
"කොළඹ කමත උළෙල 2025" කියල කියන්නෙ, BMICH හි පිහිටි කමත කලා පරිශ්‍රයේ, මේ මාසේ - එනම් 2025 මාර්තු 27,28,29,30 දිනවල පැවැත්වෙන, කමත කලා කේන්ද්‍රය විසින් සංවිධානය කරන, වේදිකා නාට්‍ය උළෙලක්. වෙනදා රංගනයට, අධ්‍යක්ෂණයට සහ නිෂ්පාදනයට අදාල තොප්පි දාගන්න මම, මේ පාර සම්බන්ධ වෙන්නෙ සංවිධායක කමිටුවේ Festival Curator කියුරේටර් හැටියට. ඉතින් අපි ලාංකීය වේදිකාවේ විචිත්‍රත්වය සහ විවිධත්වය විදහා පාන නිර්මාණ වගේම විනෝදාස්වාදය ලබා දෙන සහ මනස අවදි කරවනසුළු නිර්මාණ මේ නාට්‍ය පෙළහරට ඇතුලත් කළා. ඒ අතරට ක්ෂේත්‍ර ප්‍රවීණයන් සමග දැනුම ශක්‍යතා වර්ධනය කරගන්න පුලුවන් වැඩමුළු, ඒ අය සමග අදහස් බෙදාගන්න පුලුවන් සාකච්ඡා ඇතුලු වැඩ කෝටියක් තියෙනවා. වැඩසටහන සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනේම සංකලනයක් විදිහටයි ඉදිරිපත් කරල තියෙන්නෙ. 
 
නාට්‍ය උළෙල වල සාමාන්‍යයෙන් වෙන ක්‍රමයට වඩා වෙනස්ව - එකම වෙලාවේ එකිනෙකට වෙනස් නාට්‍ය / වැඩමුළු කිහිපයක් එකිනෙකට යාබදව පිහිටි ශාලාවල ඉඳගෙන සහභාගි වෙන්න / රසවිඳින්න අවස්ථාවක්. ඇවිත් නාට්‍ය බලන්න - වැඩමුලුවකින් යමක් ඉගෙන ගන්න - සාකච්ඡාවකින් අදහස් බෙදා ගන්න - වේදිකා නාට්‍ය කලාකරුවන් විශාල පිරිසක් එකම තැනක මුණ ගැහෙන්න, ඒ අය සමග කතා බහ කරන්න, selfie ගන්න - පවුලේ අයත් එක්ක ඇවිත් දවස ගත කරන්න - ආහාර පාන සහිත කුටි තියෙන නිසා කන්න බොන්න දේවල් - අඩු නැතුව තියෙයි. 
 
ඉතින් එන්න - මේ විචිත්‍ර අත්දැකීම විඳගන්න. 
 
වැඩි විස්තර සහ ටිකට්ස් www.kolambakamatha.com වෙබ් අඩවියෙන්.”
Back to top
Go to bottom