lan englan tam

පුවත්

4K තාක්ෂණයෙන් යළි පුළුල් තිරයට එන “ආකාස කුසුම්”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආකාස කුසුම් චිත්‍රපටය තිරගත වී 2025 වසරට වසර 17ක් සම්පූර්ණ වනවා.

මෙය නිමිති කර ගෙන මෙන්ම, මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියට කෙරෙන ගෞරවයක් ලෙස ද අප්‍රේල් 30 වනදා සිට සීමිත දින ගණනකට, සීමිත සිනමාහල් ප්‍රමාණයක ආකාස කුසුම් චිත්‍රපටය 4K ඩිජිටල් තාක්ෂණයෙන් යළි පුළුල් තිරයේ එළිදැක්වීමට සැලසුම් කර තිබෙනවා.
 
MV5BNjgxOTAwNzgtYjcyMi00NDU1LWI4MTItNzI2MGYwZTE4Nzg2XkEyXkFqcGc. V1
 
 
මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ප්‍රවීණ සිනමාකරු ප්‍රසන්න විතානගේ මහතා විසින් වන අතර මෙම චිත්‍රපයයේ ‘සන්ද්‍යා රාණි’ ගේ චරිතයට පණපොවමින් දැක්වූ රංඟනය වෙනුවෙන් මාලනී ෆොන්සේකා මහත්මියට 2008 වර්ෂයේ ඉන්දියානු ජාත්‍යන්තර සම්මාන උළෙලේදී (IFFI)  හොඳම නිළියට හිමි සම්මානය හිමි වූවා. එමෙන්ම ආකාස කුසුම් චිත්‍රපටය ද දෙස් විදෙස් සම්මාන උළෙලවල් ගණනාවකම ඇගයීමට පාත්‍ර වූවා.
ඉතින්, “ආකාස කුසුම්” 4K ඩිජිටල් තාක්ෂණයෙන් යළි පුළුල් තිරයේ දකින්න සුදානම් වන්න.
 
 

Back to top
Go to bottom