lan englan tam

පුවත්

විවිධ අදහස් ඇත්තෝ එකට එක් කළ “තුන් පොත් රෑන”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගියදා, (12) මෙරට පොත් දොරට වැඩුම් උලෙළ ඉතිහාසයට සුවිශේෂී දිනයක් වූවා.

ඒ පරම්පරා තුනක කෘති තුනක් එම දිනයේදී එළිදැක්වීම නිසයි.


එදින සමන් අතාවුදහෙට්ටි කළ දේශන ඇතුළත් ‘සමන් කියයි 2’ කෘතිය, තාරකා අතාවුදහෙට්ටිගේ කුළුඳුල් නවකතාව ‘චොකොහොලින් හීන’ සහ තරුසර පෙරේරාගේ ළමා කතාව ‘කළු මකරා’ යන කෘති ත්‍රිත්වයයි එළි දක්වනු ලැබුවා.

ebcdf510 46c9 46e8 a13c fc6d5df25585


මෙම අවස්ථාවට කලා කරුවන්, දේශපාලනඥයින්,විද්වතුන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වී සිටියා. පහතින් දැක්වෙන්නේ මෙම උත්සවය පිළිබඳ සමන් අතාවුදහෙට්ටි මහතා සිය මුහුණු පොතේ තැබූ සටහන්කි. එය මෙරට කලාව හා සාහිත්‍ය පිළිබඳ බලාපොරොත්තු ඇතිකරවන්නක් වන බැවින් මෙසේ උපුටා දක්වන්නෙමු.

“විවිධ අදහස් හා වෙනස් පිළිවෙත් ඇති අය එකට හිඳගෙන රස දෙයක් යසට විඳින්නට හැකි පරිසරයක් නිර්මාණය කිරීම මගේ කලාවේ අරමුණයි.
මනුස්සකම සහ ආදරය ඇත්තේ දේශපාලනයට බොහෝ ඉහළිනි..”

සේයාරුව- ලහිරු හර්ෂන

Back to top
Go to bottom