දුෂේනි මියුරංගි කියන්නේ තරුණ පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්.
පසුගිය කාලයේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය උන “පාර දිගේ” ටෙලි නාට්‍ය හරහා ඇය ප්‍රේක්ෂකයන් අතර බොහෝ ජනප්‍රියත්වයට පත් උනා.
මේ දින වල දුශේනි ගැන ආපහු කථා බහක් නිර්මාණය වෙලා තියනවා. මේ නම් ඇයගේ රංගනය ගැන නෙමේ. ඒ ඇය රංගනයෙන් එක්වුන පෞද්ගලික නාලිකාවක විකාශය වන එක්තරා ටෙලිනාට්‍යකින් ඇයව ඉවත් කළා කියලා ඇය සිය Face book ගිණුමේ දාලා තිබුණ සටහනක් එක්ක. නමුත් මේ ගැන එම ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකවරයා නම් ඊට වෙනස් අදහසක් ඉදිරිපත් කරලා තිබුණා. මේ ඔක්කම එක්ක දුෂේනි මියුරංගිගේ පෙම්වතා ගැනත් කතා බහක් නිර්මාණය වෙලා තියනවා.
මේ කතා මෙහෙම ගලාගෙන යන අතරතුරේ දුශේනි තමන්ගේ පෙම්වතා ගැන සිය මුහුණු පොතේ පළ කරළා තිබුණේ මෙන්න මේ වගේ අදහසක්,

(උපුටා ගැනීම)නිතරම මම ගැන හොයලා බලන....ඕනම දෙයකදි මගේ ළඟ ඉන්න....මං ගැන දුක් වෙන,සතුටු වෙන.....මගේ තාත්තාට පස්සේ මට වැඩි පුරම ආදරය දුන්න.....මට හමුවුණ ප්‍රේමවන්තයා නුඹ....ආදරණීයම පිරිමි ආත්මයනුඹ....ඉතින් එයට toxic යැයි කියනවානම්....මා ඒ toxic ආදරයට දැඩිව ආදරය කරමි...!!!ඉතින්....,,,"අමාරුම කාලයන්හි මා දාමා නොගිය....ආදරණීය වැළඳගැනීමක් දී මා හට රැකවරණය දුන් නුඹ....කෙනෙකුට ජිවීතයේ කලාතුරකින් පමණක්මමුණගැසෙන......ආදරණීය පිරිමියෙකි!!මාව තව හයියෙන් අල්ලන් ඉන්න