ලලිත් රත්නායකගේ නවතම සිනමා නිර්මාණය වන “Delෆ්t” ළගදීම සිනමා රසිකයන් වෙත ගෙන ඒමට සූදානම් වන බවයි වාර්තා වෙන්නේ. “විශම භාග” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ලලිත් රතනායක “තාත්තා”, “තෙත් සහ වියළි”, “අරුංගල්”, :ජීවිතයේ එක් දවසක්” වැනි ලාංකීය ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජමනප්‍රියත්වයට පත් වූ ටෙලි නාට්‍ය කිහිපයකම අධ්‍යක්ෂකවරයා ද වනවා.
චානක විමලසිරි මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන අතර Alina Films ඉදිරිපත් කිරීමක්.
මෙම චිත්‍රපටයේ තේමාව නම් කොට ඇත්තේ “ආදරය නිහඩතාවයෙන් ඔබ්බට සවන් දෙයි” යන ලෙසයි.
එමෙන්ම මෙම දින වල “Delෆ්t” Facebook පිටුව හරහා මෙම චිත්‍රපටයට රංගනයෙන් එක්වන ශිල්පීන් හඳුන්වාදෙන හරි අපූරු පූර්ව ප්‍රචාරක දැන්වීම කිහිපයක් ද දැකගත හැකියි.