මේ දිනවල ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණය, තිර රචනය සහ කැමරාකරණයෙන් නිර්මාණය වූ නෙළුම් කුළුණ (Tentigo) චිත්‍රපටය ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගනිමින් දිවයින පුරා සිනමාශාලා 60 ට ආසන්න ප්‍රමාණයක ඉතා සාර්ථකව තිරගත වනවා.
පහතින් දැක්වෙන්නේ නෙළුම් කුළුණ” (Tentigo) චිත්‍රපටය පිළිබඳව ලක්මිණ රණසිංහ සිය Facebook ගිණුමේ පළ කර තිබූ අපූරු සටහනකි.
"මේ ෆිල්ම් ප්ලොට් එක ඇහුවම මගේ කෙලින් වුනා මිත්‍රයා. ඔව්... ඇඟේ මයිල් කෙලින් වුනා. ඊට අමතරව මගේ පිපුනා. ඔව්... ඇඟේ හිරිගඩු පිපුනා.
හඳගම සහ ලයිකා එකෙන් වසර ආරම්භයේදීම දොඹෙන් පිච් එක හදලා දුන්නා. ඒ පිච් එකේ මුලින්ම ලල් ඉතිරෙන, සොමි බේරෙන, ආතල් කෙලින් වෙන සුපිරිම ගේම ගහන්නෙ නෙළුම් කුළුණ කියලා ඉතා පැහැදිලියි මිත්‍රයා. ඒත් නෙළුම් කුළුණ ෆිල්ම් එකේ තියන, කවුරුත් කතා නොකරපු ලොකු ගැටලු 2ක් ගැන මම අන්තිමට කියන්නම්.
https://web.facebook.com/share/p/1FKNk2h1ah/
තාත්තා මිය යනවා. ඒත් තාත්තගෙ ශි%@ය ප්‍රාණවත්ව සෘජුව තියනවා. මොන දේ කළත් තාත්තගෙ මෘත දේහයේ ඒ අවයවය කෙලින් වෙලා තමයි තියෙන්නෙ. මේ ලැජ්ජා සහගත සිදුවීම හංගගෙන පවුලෙ නම්බුව රැකගන්න ඒ පවුලෙ අම්මා, පුත්තු දෙන්නා, ලේලිලා දෙන්නා සහ පුංචි අම්මා කරන සටන සහ ඒ අය මුහුණදෙන ultra pro max සිද්ධි ගැන තමයි නෙළුම් කුළුණෙ පෙන්නන්නෙ.
මේ ප්ලොට් එක ඇහුව ගමන් අපේ ඔළුවෙ එක එක දේවල් මැවෙනවා නේද මිත්‍රයා. අන්න ඒක තමයි ප්‍රබල ප්ලොට් එකක ස්වභාවය. අපේ පරිකල්පනය අලුත් කරවන නැවුම් සහ දුර්ලභ නිර්මාණාත්මක බවක් මේ ප්ලොට් එකේ තියනවා. මේ වගේ අති දුර්ලභ ප්ලොට් එකක් නිර්මාණකරුවෙක්ගෙ ඔළුවට එනවා කියන්නෙම විශාල ජයග්‍රහණයක්.
මේ ෆිල්ම් එකේ නම සහ මේ වෙනුවෙන් Shenal Gunasekara ලියපු රට වැටුනත් කුළුණ කෙලින් තේමා පාඨය නිසා මේ ෆිල්ම් එක දේශපාලන අර්ථයකින් විඳින්නත් පුළුවන්.
ප්‍රබන්ධාත්මක, නාට්‍යමය, ඩාර්ක් කොමඩි/ගුප්ත හාස්‍ය, පොලිටිකල් කොමඩි, වැඩිහිටියන්ට සුදුසු සහ ට්රැජික් කොමඩි කියන කුලකවලට තමයි නෙළුම් කුළුණ ෆිල්ම් එක අයිති. නෙළුම් කුළුණ ෆිල්ම් එකේ තියන ප්ලොට් එක මැදිකරගත්ත කතාව හැමතැනම ගාගන්නෙ නැතුව හරිම ට්‍රැක් එකේ හරිම පරිස්සමට අරගෙන ගිහිල්ලා තියනවා. මේක අති සුපිරි ස්ක්‍රිප්ට් එකකින් බිහිවුණු ශ්‍රී ලංකාවේ සුපිරිම ෆිල්ම් එකක්!! සුපිරි සිංහල ෆිල්ම් හොය හොය ජල පිපාසෙන් හිටපු අපිට නෙළුම් කුළුණ” (Tentigo) කියන්නෙ අඹතලේ ජල පවිත්‍රාගාරය වගේ.
2000 න් පස්සෙ ආපු හොඳම හාස්‍ය තියන සිකුරු හතේ ෆිල්ම් එක දෙවනි තැනට දාගෙන නෙළුම් කුළුණ ෆිල්ම් එකේ හාස්‍ය රසය කෙලින් වෙලා තියනවා. 2000 න් පස්ස බිහි වුන විශිෂ්ටතම සිංහල ෆිල්ම් එක කියලා මම විශ්වාස කරන්නෙ "මචං". ඒ ෆිල්ම් එකට පහළින් ඉඳලා, මචං ට යම් අභියෝගයක් කරපු අංජලිකා, හෝගානා පොකුණ, හිරිපොද වැස්ස, ප්‍රවේගය සහ ධර්ම යුද්ධය අතර නෙළුම් කුළුණත් ඉහළින්ම කෙලින් වෙලා තියනවා මිත්‍රයා.
බජට් නෑ බජට් නෑ කිය කිය නහයෙන් අඬන සිනමාව වෙනුවට, තුන්වෙනි ලෝකෙ රටක් ඇතුලෙ අඩු බජට් එකකින් සංකල්පමය වශයෙන් සුපිරි ගේමක් ගහන්න පුළුවන් කියලත් නෙළුම් කුළුණ ඔප්පු කරලා පෙන්නලා තියනවා. මේ ෆිල්ම් එක කොච්චර හොඳද කියනව නම්, මේක දැකලා ඉන්දියාව ඇතුළු තවත් රටවල් ගණනාවක කෙලින් වෙලා තියනවා මිත්‍රයා!!
සිනමාව යනු "විශ්වාස කළ හැකි මායාවක්" කියලා ලොකු අකුරුවලින් ගහලා නිතර ඇස ගැටෙන තැන්වල අලවගන්න කියලා මම සියලුම සිනමා අධ්‍යක්ෂවරුන්ගෙන් සහ පිටපත් රචකයින්ගෙන් ඉල්ලනවා. අවාසනාවකට ගොඩක් සිංහල ෆිල්ම්ස්වලින් පෙන්නන්නෙ විශ්වාස කළ 'නොහැකි' මායාවක් හෝ විශ්වාස කළ හැකි 'අමු' යථාර්ථයක්. ඒත් මිත්‍රයා සිනමාව ස්ථානගත වෙන්න ඕනෙ යථාර්ථයත් බොරුවත් අතර තියන මායා ලෝකයක. නෙළුම් කුළුණ කියන්නෙ අන්න ඒ හරිම තැන ස්ථානගත වෙච්ච විශ්වාස කළ හැකි මායාවක්.
පහුගිය අවුරුදු 25 ඇතුලෙ, මචං චිත්‍රපටයෙන් පස්සෙ සිංහල සිනමාවෙ විශිෂ්ටම රංගනයක් තියෙන්නෙ නෙළුම් කුළුණෙ. එකිනෙකා පරයමින්, එකිනෙකාට නොදෙවෙනි රංගනයෙක් මේකෙ ඉන්න හැම කෙනෙක්ම ඉදිරිපත් කරනවා. ප්‍රියන්ත සිරිකුමාර, තුසිත ලක්නාත්, චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, ආලෝකා ගයත්‍රී, සුලෝචනා වීරසිංහ කියන අය සම්මාන උළෙලවල් පරීක්ෂාවට ලක්කරන ලිට්මස් පරීක්ෂණයක් වගේ රඟපානවා.
චමිලා පීරිස්, දිල්හානි ඒකනායක, සමන් කෝරලගේ, මධුර ප්‍රභාශ්වර, රාජා ගනේශන්, සරත් මොරොන්තුඩුව, සංජීව උපේන්ද්‍ර, අසේල ද සිල්වා කියන අයත් හරිම ස්වභාවික විදිහට තමන්ගේ රංගන හැකියාවන් උපරිමයෙන්ම පෙන්නලා තියනවා. මේ ෆිල්ම් එකේ චරිතවලට අදාළ ජීවන හැසිරීම් ගැනත් හිතලා ඒ චරිතවල රඟපෑම හරිම පරිස්සමට ක්‍රාෆ්ට් කරලා තියනවා. ඒත් සම්මානනීය නළුවෙක් රංගනයෙන් දායක වෙන මිනීපෙට්ටි කඩේ මැනේජර්ගේ චරිතයේ හැසිරීම, අනිත් නළුවන්ගේ ස්වභාවික හැසිරීම්වලට සාපේක්ෂව, ජෝකර්වාදී බව අඩු කරලා තව හදාගන්න තිබ්බා කියලා මට හිතෙනවා.
රංජිත් පනාගොඩ රඟපාන්නෙ මේ ලෝකෙ ඉන්න නළුවෙක්ට රඟපාන්න පුළුවන් අමාරුම චරිතෙ!! ඔහු තමයි මියගිය තාත්තා. ඇස් වහන තැන හැර අනිත් හැම තැනකදිම ඔහු ඒ චරිතයට උපරිම සාධාරණයක් කරනවා.
ඩබල් මීනිං කුණුහරප කියලා, අහක බලාගෙන ගිහිල්ලා හැප්පිලා, මූණ විකෘති කරගෙන, අස්වාභාවිකව දඟලලා මිනිස්සුන්ව හිනස්සන්න ට්‍රයි කරන නළුවො මේ පුණ්‍ය භූමියේ ඉන්නවා. ඒත් 100% ක ස්වභාවික රංගනයකින් මිනිස්සුන්ව හිනස්සනවා කියන්නෙ මේ ලෝකෙ තියන අමාරුම වැඩ අතරින් එකක් මිත්‍රයා. ඒකට නළු නිළියන්ගෙන් වගේම ස්ක්‍රිප්ට් එකෙනුත් ලොකු සහයෝගයක් ලැබෙන්න ඕනෙ. ඒක ගොඩක් අමාරු වැඩක්. සීසර් විසින් සූර පප්පට දෙන දෙවියන්ට විතරක් කරන්න පුළුවන් අමාරු වැඩ 12 අතරට ඒ වැඩේ එකතු වෙන්නම ඕනෙ.මරණයක්, මළගෙයක් කියන්නෙ දුකක්. ඒත් ඒ දුක දිහා බලාගෙන අපිට හක හක ගාලා බොක්කෙන්ම හිනාවෙන්න පුළුවන් විදිහට ස්ක්‍රිප්ට් එකක් ලියලා, විශිෂ්ට රංගනයන් එක්ක ලස්සන ගලාමක් එක්ක ෆිල්ම් එකක් ෂූට් කරනවා කියන එක පට්ට අමාරු වැඩක්. ඒත් මේක ලියලා අධ්‍යක්ෂණය කරපු ඉලංගො සහ නිෂ්පාදිකා හිරන්‍යා ඒ අමාරු වැඩේ අපි වෙනුවෙන් හරිම ලස්සනට සහ ලොකු කැපවීමකින් හොඳටම කරලා තියනවා. ඒ නිසාම තමයි මේක අපේ සිනමා ඉතිහාසයේ විශිෂ්ට ජයග්‍රහණයක් වෙන්නෙ.
මේ ෆිල්ම් එක මොන තරම් සම්මාන දින්නත්, මොනතරම් විශිෂ්ට වුණත්, 18ට වැඩි හමෝම අනිවාර්යෙන්ම නැරඹිය යුතු ෆිල්ම් එකක් වුණත්.... මේකෙ තියන විශාල ගැටලු 2ක් මම කියන්නම්. මේ ෆිල්ම් එක බැලුවට පස්සෙ ඔබ මළගෙදරක ගියොත් මෘත දේහය ඉදිරියේ ඔබට හිනා යාමේ දැඩි අවදානමක් තියනවා. ඒ වගේම ඔබේ සහකරුවා සමඟ කායිකව බැඳිලා ආදරයේ උපරිම ඵල විඳින්න යද්දිත් නෙළුම් කුළුණ මතක් වෙලා හිනා ගිහිල්ලා ඔබේ මූඩ් එක නැති වෙන්න පුළුවන්. ඒත් මේ සීන් එක 'කමලා' ට නම් කියන්න එපා!! "
ලක්මිණ රණසිංහ