මෙම සටහන තබන්නේ ශ්‍රී ලාංකික කැමරා අධ්‍යක්ෂක වරියක වන මධුනි අලහකෝන් වෙනුවෙනි.
මධුනි අලහකෝන් යනු ලාංකීය සිනමාවේ සිටින එකම වෘත්තීය කැමරා අධ්‍යක්ෂකවරියයි. ඒ වගේම ලාංකීය දීර්ඝ වෘතාන්ත සිනමාවේ ප්‍රථම කැමරා අධ්‍යක්ෂකවරියයි. එමෙන්ම ඇය ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කරන ‘The Hidden City’ චිත්‍රපටයේද කැමරා අධ්‍යක්ෂකවරිය වශයෙන් සම්බන්ධ වනවා.
පසුගිය දින වල ඇය බෙංගාලි සිනමාවේ සම්මාණනීය නිළියක වන රිතුපර්ණා සෙන්ගුප්තා රංගනයෙන් එක්වන බෙංගාලි චිත්‍රපටයක් වන 'bella' සිනමා පටය සඳහා කැමරා අධ්‍යක්ෂකවරිය ලෙස සම්බන්ධ වී තිබෙනවා. මෙහි රූගත කිරීම් සිදු කොට ඇත්තේ එංගලන්තයේදීයි.
පහතින් දක්වා ඇත්තේ මෙම චිත්‍රපටයෙහි රූගත කිරීම් අතර ලබා ගත් ඡායාරූප කිහිපයක්.
මෙම ඡායාරූප වල මධුනි අලහකෝන් සමග ජනප්‍රිය බෙංගාලි නිළි රිතුපර්ණා සෙන්ගුප්තා ද දැක ගත හැකියි.
ශ්‍රී ලාංකික කැමරා අධ්‍යක්ෂකවරියක් මෙසේ ජාත්‍යන්තර නිර්මාණවලට දායක වීම බොහෝ සතුටට කරුණක්.
(ඡායාරූප අයිතිය/උපුටනය කසුන් පුස්සේවෙලගේ ෆේස්බුක් පිටුවෙන්.)
https://casite-737679.cloudaccess.net/news/11000-2025-05-07-14-24-05#sigProId4703d12f86