lan englan tam

පුවත්

රෝහණ වීරසිංහයන්ගේ අවසරයෙන් “වියෝ වූ පසුවයි” ගැයූ තාරක ආචාරිගේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තාරක ආචාරිගේ කියන්නේ පොලොන්නරුව ප්‍රදේශයෙන් බිහිවුණ දක්ෂ, තරුණ සංගීතවේදියෙක්. ඔහු විසින් සුනිල් එදිරිසිංහ මුල් ගායනයේ යෙදෙන “වියෝ වූ පසුවයි” ගීතයට අපුරූ cover song එකක් නිර්මාණය කරළා තියනවා.

මෙය දැන් Dr. Rohana Weerasinghe යූ ටියුබ් නාළිකාව හරහා නරඹන්න පුළුවන්.

 


පහත දැක්වෙන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් තාරක ආචාරිගේ තරුණයා පිළිබඳව සිය YouTube නාළිකාව හරහා තැබූ සටහනක්....


“පොලොන්නරුව ප්‍රදේශයේ අතිශයින් ජනප්‍රිය සංගීත වේදියෙකු වන තාරක ආචාරිගේ තරුණයාගේ ගායන හැකියාවන් පිළිබඳව මා දැනගත්තේ ගිරිතලේ පැවති මගේ කණිටු පුත් චිරාත්ගේ මංගල්‍යෝත්සවය දිනයේදී. ඉන්පසු කිහිප වතාවක්ම මට ඔහුව හමුවූ අතර එහිදී ඇතිවූ සාමීචියකදී ඔහු මගෙන් මේ 'වියෝවූ පසුවයි' ගීතයේ Cover version එකක් කරන්න අවසර ඉල්ලා හිටියා. මම බොහොම කැමැත්තෙන් ඊට එකඟ වූයේ ඔහුගේ දක්ෂතාවන්ට දොරහැර දීම සඳහායි.මේ මධුර ගීතයේ රස භාවයන්ට ඔහු ඉතා හොඳින් අනුගත වී ඇතිබව කිවයුතුයි.”

Back to top
Go to bottom