අභාවප්‍රාප්ත සිය පියාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු සිදු වන ආකාරය පිළිබඳව ගායක නලින් පෙරේරා මහතා විසින් දැනුම්දීමක් සිදු කොට තිබෙනවා.
“මගේ ආදරණීය පියාණන්ගේ අවසන් කටයුතු මෙසේ දැනුම් දෙමි .දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා 2025 මාර්තු 19 වන බදාදා රාත්‍රී 10.00 දක්වා සහ මාර්තු 20 වන බ්‍රහස්පතින්දා පෙරවරු 8.00 සිට පස්වරු 4.30 දක්වා මීගමුව වෙස්ටර්න් ෆ්ලොරිස්ට් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර ඇත .අවමංගල්‍යය කටයුතු 2025 මාර්තු 20 වන බ්‍රහස්පතින්දා පස්වරු 4.30 ට අවමංගල්‍ය ශාලාවේ සිට මීගමුව බෝලවලාන ශාන්ත මරියා දේවස්ථානය වෙත රැගෙන යන අතර අවසන් කටයුතු මිගමුව බෝලවලාන රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කෙරේ.
මගේ පියාණන්ගේ ආත්මයට මොක් සුව ලැබේවා”