ශ්‍රී ලාංකීය චිත්‍රපට සියයකට අධික ප්‍රමාණයක කේශාලංකාර ශිල්පියා ලෙස කටයුතු කර තිබෙන ජ්‍යෙෂ්ඨ සිනමා කේශාලංකාර ශිල්පී ලලිත් ධර්මවර්ධන වෙනුවෙන් සංවිධානය කරන ඇගයුම් උළෙල හා සිනමා දැක්ම 2025 මාර්තු 31 වන දින දවස පුරා කොළඹ 07, සුදර්ශි ශාලාවේදී පැවැත්වෙනවා.
එදින :-
උදෑසන - 10.30 - ඉන්දුට මල් මිටක්
දහවල් - 2.30 - ඔබටයි ප්‍රියේ ආදරේ
රාත්‍රී - 7.00 - අබා
චිත්‍රපට ත්‍රිත්වය ප්‍රදර්ශනය කරන අතර,
සවස 5.30 - ලලිත් ධර්මවර්ධන ඇගයුම් උළෙල පවත්වනු ඇත.
මෙම උත්සවයට සහභාගී වන ලෙස ඔබ සැමට සංවිධායක මණ්ඩලය ආරාධනා කර සිටිනවා.
මෙය සංවිධානය කරන්නේ සිංහල සංස්කෘතික ආයතනය හා සිනමා අනුමණ්ඩලය මගිනි.