lan englan tam

පුවත්

රයිගම් ටෙලීස්’ සම්මාන : විශිෂ්ටතම නිළිය - තරින්දි ; නළුවා - ප්‍රියන්ත (සම්පූර්ණ විස්තර මෙන්න) !

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

21 වන ‘රයිගම් ටෙලීස්’ සම්මාන උළෙල ඊයේ (29) පස්වරුවේ කොළඹ ශැංග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.


දිවයිනේ කීර්තිමත් ව්‍යවසායකයෙකු වන Kingdom of Raigam සමූහ ව්‍යාපාරයේ අධිපති ආචාර්ය රවී ලියනගේ ගේ සංකල්පයක් මත රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබනවා.

85d4f9ff 0907 4eb3 96e6 21d7d2e65cd4


2024 වසරේ තිරගත වූ ටෙලි නාට්‍ය, මාධ්‍ය වැඩසටහන් මෙන්ම රූපවාහිනී ප්‍රවෘත්ති වැඩසටහන් ආදී අංශයන්ගේ විශිෂ්ටතා ඇගයීමට ලක් කරමින් කාණ්ඩ හතක් ඔස්සේ සම්මාන හැටකට අධික ප්‍රමාණයක් පිරිනැමීම මෙහිදී සිදු වූවා.මෙවර සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ප්‍රවීණ කලාකරු පරාක්‍රම නිරිඇල්ලයි.

b17d9b0b 03b6 4354 a05e 7742e0edbb13

සම්මාන උළෙලේ දී ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන “රයිගම් ප්‍රතිභා ප්‍රභා” ගෞරව සම්මානය මෙවර හිමි වූයේ ප්‍රවීන රංගවේදිනී අනෝජා වීරසිංහ හටයි. එමෙන්ම සිනමා, ටෙලිනාට්‍ය හා මාධ්‍ය ක්ෂේත්‍රයන් වෙනුවෙන් සිදු කළ විශේෂ සේවය වෙනුවෙන් සමන්ත යහම්පත්, පාලිත පෙරේරා, K.D දයානන්ද වෙනුවෙන් විශේෂ ප්‍රණාම සම්මාන පිරිනැමීම ද සිදු වූවා.


Raigam Tele’es සම්මාන හිමි වූ ආකාරය පිළිබඳ විස්තර පහතින් දැක්වෙනවා.

මෙවර, ‘රයිගම් ටෙලීස්’ වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානය හිමි වූයේ ප්‍රියන්ත සිරිකුමාර හටයි. ඒ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘බැක්සයිඩ්’ ටෙලි නාට්‍යයේ ‘නාරද’ගේ චරිතය නිරූපණය කරමින් කළ රංගනය වෙනුවෙනි.

e1a3f0c2 4240 4398 bdc6 917466e06204
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළියට හිමි රයිගම් සම්මානය හිමි වූයේ තරින්දි ප්‍රනාන්දු හටයි. ඒ ‘වියළි’ ටෙලි නාට්‍යයේ ‘මාලා’ ගේ චරිතය නිරූපණය කරමින් කළ රංගනය වෙනුවෙනි.

9288146f b364 4aa3 9ac9 257707aa775c


වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යයට හිමි සම්මානය හිමි වූයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ ‘වියළි’ ටෙලි නාට්‍යය සඳහායි. මෙය දිලූපා නිරෝශනී ද අල්විස් ගේ නිෂ්පාදනයකි.එමෙන්ම වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට හිමි රයිගම් සම්මානය හිමි වූයේ ද ‘වියළි’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ චන්දන ඉරුගල්බණ්ඩාර හටයි.

Raigam Tele’es,

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නිළියට හිමි රයිගම් සම්මානය දිනක්ෂි ප්‍රියසාද් හිමි කර ගත්තාය.
වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානය උද්දික ප්‍රේමරත්න ට හිමි විය.

3bbcb7dd b7d1 416d 9da0 d35e24255be2
වසරේ වඩාත් ජනගත ටෙලි නාට්‍ය නළුවා සම්මානය සජිත ඇන්තනී ට හිමි විය.
වසරේ වඩාත් ජනගත ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය හිමි වූයේ මිශෙල් දිල්හාරා හටයි.

37616e37 81fa 4e9b b5cd cec4e66284ee


‘රයිගම් ටෙලීස්’ වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා සම්මානය සරත් කොතලාවල ට හිමි විය. ඒ ‘වියළි’ ටෙලි නාට්‍යයේ ‘කරුණාපාල’ ගේ චරිතය නිරූපණය කරමින් සිදු කළ රංගනය වෙනුවෙනි.වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළියට හිමි රයිගම් සම්මානය හිමි වූයේ චන්දිමා කරුණාදාස හටයි. ඇයට මෙම සම්මානය හිමි වූයේ ‘වියළි’ ටෙලි නාට්‍යයේ ‘කාන්ති’ ගේ චරිතය නිරූපණය කරමින් සිදු කළ රංගනය වෙනුවෙනි.

Untitled 1 njkmh
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය ලෙස වත්සලා ජයසිංහ රයිගම් සම්මානයට පාත්‍ර විය.
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා ලෙස මන්රුචි සිරිවර්ධන රයිගම් සම්මානයට පාත්‍ර විය.

dcb1130c 49b0 4703 9e77 b72dfe72c6f6

 

වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යයට හිමි රයිගම් සම්මානය හිමි වූයේ හිරු tv නාලිකාවේ විකාශය වන - ‘පාට කුරුල්ලෝ’ ටෙලි නාට්‍යයි.
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය සම්මානය ‘මීයා’ ටෙලි නාට්‍යයේ තිර රචනය ලියූ චින්තන ධර්මදාස හට හිමි විය.
වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍ය ලෙස දිලූක ප්‍රසාද් ගුණතිලකගේ ‘මොහොතකට පෙර’ ඒකාංගික ටෙලි නාට්‍ය සම්මානයට පාත්‍ර විය.


Raigam Tele’es,

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂණයට හිමි රයිගම් සම්මානය ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘මීයා’ ටෙලි නාට්‍යයේ කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් මනෝජ් වික්‍රමසිංහ ට හිමි විය.

2d6ac67f ad20 4896 acb4 9cd24db00054

 

වසරේ විශිෂ්ටතම ටෙලි චිත්‍රපටය හිමි රයිගම් සම්මානය හිමි වූයේ tv දෙරණ නාලිකාවේ විකාශය වූ අතුල පීරිස් නිර්මාණය කළ ‘ලාවණ්‍යා’ ටෙලි චිත්‍රපටයයි.
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය හිරු tv නාලිකාවේ විකාශය වූ ‘චන්ඩි කුමාරිහාමි’ ටෙලි නාට්‍යයේ කැමරාකරණය වෙනුවෙන් චරිත් අබේසිංහට හිමි විය.
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණයට හිමි රයිගම් සම්මානය ‘මීයා’ ටෙලි නාට්‍යයේ සංස්කරණය වෙනුවෙන් සමන් ඇල්විටිගල / ලක්රුවන් ද සේරම් හට හිමි විය.
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය - (‘සුසුම් රස්තියාදුව’ ටෙලි නට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් ගයාන් ගනකධාර ට හිමි විය.


වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනයට හිමි සම්මානය ලක්ෂාන් වත්තුහේවා ට හිමි විය. ඒ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘බැක්සයිඩ්’ ටෙලිනාට්‍යට නිර්මාණය කළ ‘මල් කැකුලකට විස දෙබරෙක් ඇන්නා’ ගීතය වෙනුවෙනි.
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා සම්මානය තුසිත් සිම්සන් ට හිමි විය. ඒ ‘වියළි’ ටෙලි නාට්‍යයේ ‘දෑස අගට පිණි ඉහිලා’ ගීතය වෙනුවෙනි.
වසරේ විශිෂ්ටතම ටෙලි නට්‍ය ගීත ගායිකාව ලෙස අභිෂේකා විමලවීර සම්මානයට පාත්‍ර විය. ඒ ‘take care’ ටෙලිනාට්‍යයේ ‘සපත්නීරෝශයක්’ ගිතය ගායනය වෙනුවෙනි.

91bea15a a6d7 4fa3 a75d f8e04ea7e05b


වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංගරචනය සම්මානය හිමි වූයේ බුවනෙක රණවක හටයි. ඒ ‘චණ්ඩි කුමාරහාමි’ ටෙලි නාට්‍යයේ අංගරචනය වෙනුවෙනි.

වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහනට හිමි සම්මානය හිමි වූයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ, සුමින්ද තිලකසේන නිෂ්පාදනය කළ ‘සං‍යුග’ වැඩසටහනටයි.

ජාතික රූපවාහිනියේ විකාශය වූ අසේල බණ්ඩාරනායක නිෂ්පාදනය කළ ‘වාරේ’ වාර්තා වැඩසටහන වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහනට හිමි සම්මානය හිමි කර ගත්තේය.


වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහනට හිමි රයිගම් සම්මානය හිමි වූයේ - (tv දෙරණ) නාලිකාවේ විකාශය වූ, විමුක්ති රුද්‍රිගෝ නිෂ්පාදනය කල ක්‍රිස්මස් with Pereras වැඩසටහනටයි.

Back to top
Go to bottom