lan englan tam

පුවත්

වයිෆ් (The Wife) රූගත කිරීම් සාර්ථකව අවසන්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නව පරපුරේ දක්ෂ අධ්‍යක්ෂකවරයෙකු වන ශමීර නාඔටුන්නගේ නවතම සිනමාපටය, ‘The Wife’ හි රූගත කිරීම් සියල්ලම පසුගියදා සාර්ථකව නිමා වී තිබෙනවා.

මෙරට ජනකාන්තම නලු නිලි යුවලක වන හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරිය විසින් මෙහි ප්‍රධාන චරිත රඟපානවා. හැඟීම් බිදී ගිය සිනමාකරුවෙකුගේ ජීවිත කතාව වටා ගෙතෙන මෙම චිත්‍රපටය වරුණ අරඹගේ නිෂ්පාදනයක්.

මේ වනවිට චිත්‍රපටයේ පසු - නිෂ්පාදන කටයුතු ආරම්භ වී තිබෙන බව සදහන්.

‘මෝටර් බයිසිකල්’ සහ ‘සිහින නෙලුම් මල්’ යන චිත්‍රපටවලට පසුව ශමීර නාඔටුන්න විසින් අධ්‍යක්ෂණය කරන 03වන සිනමාපටය වන්නේ මෙයයි.

 

Back to top
Go to bottom